උණුසුම් පුවත්
Search
gota

දිවයිනට පැමිණි හිටපු ජනපති ගෝඨා විජේරාම මාවතේ නිවසට යයි

101

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ගෝඨාභය රාජපක්ෂ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 468 දරණ ගුවන් යානයයෙන් 11.48 ට පමණ යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.

බැංකොක් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් නොමැති නිසා ඔහු තායිලන්තයේ සිට සිංගප්පූරුවට ගොස් පසුව එහි සිට පැමිණ ඇති බව ආරංචි මාර්ග පවසයි.

ගෝඨාභය මෙසේ පැමිණෙන්නේ දරුණුතම ආර්ථික අර්බුදය නිසා රජයට එරෙහි දැවැන්ත නැගිටීමෙන් පසු රටින් පලා ගොස් මාස දෙකකට පමණ පසුවය.

ඔහුට ශ්‍රී ලංකා පුරවැසිකම පමණක් උරුම වන අතර ඇමරිකාවට හෝ වෙනත් රටකට යාමට දැරූ උත්සාහයන් අසාර්ථකවීමෙන් පසු නැවත ලංකාවට පැමිණියේ රටවල් තුනක හෝටල් වල ගත කළ ජීවිතය නිමා කරමිනි.

මුලින් ආ වාර්තා වල ඔහු මිරිහාන නිවසට කැඳවා යනු ඇතැයි වාර්තා වුවද ඔහු ඊයේ රාත්‍රියේම බණ්ඩාරනායක ගුවන් තොටුපලේ සිට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු අගමැති මහින්ද වාසය කළ නිවසට ගොස් ඇති බව වාර්තා විය.

රාජපක්ෂ මහතා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වීමෙන් පසු පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් ගුවන් තොටුපළේදී පිළිගැනීමෙන් අනතුරුව දැඩි ආරක්ෂක රථ පෙළපාලියකින් රාජපක්ෂ මහතා ගුවන් තොටුපළෙන් පිටත් විය.

රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතට නුදුරින් පිහිටි නිවසේ පදිංචිව සිටින බවත් ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා විශාල ආරක්‍ෂක භට පිරිසක් පත් කිරීමට නියමිත බවත් ඩේලි මිරර් වාර්තා කර තිබේ.

ජුලි 9 වැනි දින, කොළඹ ජනාධිපති මන්දිරයට සහ අගනුවර තවත් රාජ්‍ය ගොඩනැගිලි කිහිපයකට ජනතාව කඩා වැදීමෙන් පසු, ගෝඨාභය මන්දිරයෙන් පළාගිය අතර ජුලි 13 දින රටින් පළා ගියේය.

රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට පලා ගොස් සිංගප්පූරුවට ගිය අතර, එතැන් සිට ජූලි 14 වැනි දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය යැව්වේය.

පසුව ඔහු තාවකාලික නවාතැන් පතා තායිලන්තයට පියාසර කළේය. රාජපක්ෂ මහතා තවමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර හිමියෙකු බැවින් ඔහුට දින 90ක් එරට රැඳී සිටිය හැකි බව තායිලන්තය පවසා තිබුණි.

ඔහු අනතුරුව ශ්‍රී ලංකාවට ඒමට උත්සාහ කළ අතර වත්මන් ජනපති රනිල් මුලදී පවසා තිබුනේ ගෝඨාභය නැවත පැමිණීම මගින් මහජන කැළඹිලි නැවත ඇතිවිය හැකි බවයි.

කෙසේ වෙතත් පසුව වාර්තා වූයේ බැසිල් ඇතුළු රාජපක්ෂ පවුලේ අය ගෝඨාභය නැවත ශ්‍රී ලංකාවට ගෙන්වීම ඉක්මන් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටි බවකි.අරගලකරුවන්ට එරෙහි වේගවත් මර්දනයකින් පසුව ගෝඨාභයට නැවත පැමිණීමට හැකි පරිසරය ඒ අනුව නිර්මාණය විය.

හිටපු ජනාධිපතිවරයෙකු ලෙස රාජපක්ෂ මහතාට රජයේ නිවසක්, ආරක්ෂාව සහ වෙනත් වරප්‍රසාද හිමිවේ.

image



Leave a Reply

Your email address will not be published.