හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට ළඟා වී ඇති බව වාර්තා වනවා.
එසේම එහි දී ලබාගත් බව කියන ඡායාරූප කිහිපයක් ද නිකුත් වී ඇති අතර ඊයේ (11) දින සිට ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනු දක්නට ලැබුණා.

සිංගප්පූරුවේ රැදී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පස්වරුවේයි තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබුණේ.

ගෝඨාභය රාජපක්ෂ හට තම රටට ඇතුලු වීම සඳහා අවසර ලබා දී ඇත්තේ මානුෂීය හේතුන් මත බවත් වෙනත් රටක ස්ථිර රැකවරණය ලබාගන්නා තුරු ඔහුට තාවකාලිකව රැඳී සිටිය හැකි බවත් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ද මිට පෙර ප්‍රකාශ කර තිබුණා.
හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ ද ගොස් ඇති අතර මෙම ඡායාරූප වල ඇය ද සිටිනු දැකගත හැකියි.
