උණුසුම් පුවත්
Search
tourist

විදෙස් සංචාරකයින්ට ලංකාව එපා වෙලා

83

විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර කළ හෝටල් වෙන් කිරීම් වලින් 45% ක් පමණ අරගල හේතුවෙන් හදිසියේම අවලංගු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී ධම්මිකා විජේසිංහ ලංකාදීපයට පැවසුවාය.

එය සංචාරක කර්මාන්තයට ඉතා අහිතකර ලෙස බලපෑ බවත් ඉන්ධන, ගෑස් හිඟය සහ විදුලිය කැපීමද සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමට තවත් ප්‍රධාන හේතුවක්වූ බවත් ඇය සඳහන් කළාය.

සංචාරකයන්ගේ පැමිණීම මේ වනවිට සියයට 10%කින් පමණ වැඩි කරගෙන ඇතැයි පැවසූ ඇය පැවසුවේ මේ මාසයේ මේ දක්වා සංචාරකයන් හතළිස් දෙදහස් නව සිය විසි පහක් පැමිණ ඇතැයි ද සඳහන් කළාය.

සාමාන්‍යයෙන් මේ දින වල සතියේ දිනක පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව (සාමාන්‍ය අගය) 1533 කි. සති අන්ත දිනෙක එය 1900ක් බව ධම්මිකා විජේසිංහ මහත්මිය කීවාය.

සාමාන්‍යයෙන් අගෝස්තු මාසය මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන කාලයක් වන හෙයින් එම කාලයේදී සංචාරකයන් රටට වැඩි වශයෙන් අද්දවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

සංචාරකයන් අද්දවා ගැනීම සඳහා මහනුවර පෙරහර ඉලක්ක කර සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළ බව පැවසූ විජේසිංහ මහත්මිය සංචාරකයන් ප්‍රවාහනය සඳහා ඉන්ධන සැපයීම ඇතුළු වෙනත් විවිධ පහසුකම් සැලසීමට ද කටයුතු කරගෙන යන බව සඳහන් කළාය.

මේ මාසයේ වැඩිම වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එංගලන්තයෙනි. එම සංඛ්‍යාව 8304කි.

ඊට පසු වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 5416කි.

මෙයට අමතරව ජර්මනිය, ප්‍රංශය සහ කැනඩාව යනාදි රටවලින් ද සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් පැමිණ ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

සුජිත් හේවාජුලිගේ

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published.