මෙම වසරේ (2022) පළමු මාස 06 දී විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙතින් ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ (2021) එම කාලසීමාවට සාපේක්ෂව 51.6%කින් පහත වැටී ඩොලර් බිලියන 1.6ක් ලෙස සටහන්ව ඇත.
මෙම ජුනි මාසයේදී සිදුව ඇති විදේශ ප්‍රේෂණ වල තියුණු පහත වැටීම මේ සඳහා විශේෂයෙන් බලපා ඇත.
2022 ජුනි මාසයේදී එලෙස ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 274.3ක් වූ අතර එය පෙර වසරේ (2021) ජුනි මාසයේදී ඩොලර් මිලියන 478.4ක් ලෙස වාර්තා වී තිබේ.
ඒ අනුව 2022 ජුනි මාසයේදී සිදුව ඇති විදේශ ප්‍රේෂණ වල පහත වැටීම 42.6%කි. මෙම වසරේ අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 249ක් වූ මෙරට විදේශ ප්‍රේෂණ ලැබීම මැයි මාසයේදී ඩොලර් මිලියන 304ක් දක්වා වර්ධනය වූ නමුත් මෙලෙස නැවතත් ජුනි මාසයේදී සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.
පසුගිය මාර්තු මාසයේදී ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල නිදහසේ පාවීමට ඉඩ හැරීමෙන් අනතුරුව මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය යම් තරමකින් ඉහළ ගියද ඉන් අනතුරුව රටේ පැවති අස්ථාවර දේශපාලන තත්ත්වය සහ ඩොලරය සඳහා වන කළු කඩ වෙළෙඳපොළ යළි හිස එසැවීම හේතුවෙන් මෙලෙස විදේශ ප්‍රේෂණ පහත වැටෙමින් පවතී.
(නයන තරංග ගමගේ)