උණුසුම් පුවත්
Search
55

අලුයම සිදු වූ ගාලු මුවදොර සිද්ධිය ගැන විදෙස් රටවල් කනස්සල්ලෙන්

142

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ආරක්ෂක අංශ අද (22) අලුයම ගත් ක්‍රියා මාර්ගය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි කණසල්ලට හේතු වී තිබේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කණස්සල්ල පළ කර තිබෙනවා.

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව අද අලුයම ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරමින් බලධාරීන් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසත් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටියාය.

ගාලු මුවදොරින් ලැබෙන වාර්තා පිළිබඳ බ්‍රිතාන්‍ය දැඩි අවධානයෙන් සිටින බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ප්‍රකාශ කරනු ලැබුවා.

සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය පිළිබඳ බ්‍රිතාන්‍ය දරණ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ඇය වැඩි දුරටත් පැවසුවාය.

විමුක්ති එස් රුද්‍රිගු




Leave a Reply

Your email address will not be published.