ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බැවින් වැඩ බලන ජනාධිපති ලේකම්වරියක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ අනුව අද (20) සිට බල පැවැත්වෙන පරිදි වැඩ බලන ජනාධිපති ලේකම්වරිය ලෙස ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක වන චාන්දනී විජේවර්ධන පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ලේකම් ධුරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.