උණුසුම් පුවත්
Search
shihan

”ලංකාවේ හැම චැනල් එකකටම, රියැලිටි පුරුදු කලේ සිරස” – ශිහාන් මිහිරංග

572

රියැලිටි ගායන තරගාවලියක් හරහා ගායන ක්ෂේත්‍රයට ඇවිත් රටම ආදරය කරන ඒ ජනප්‍රිය ගායන ශිල්පියා තමයි ශිහාන් මිහිරංග කියන්නේ. එදා තරගකරුවෙක් විදියට සිරස සුපර් ස්ටාර් හරහා ගීත ගායනා කරන කාලේ සිටම අද වන විටත් ඔහුට ලැබෙන ආකර්ෂණය නම් කිසිම අඩුවක් වෙලා නෑ. ඒ තරමටම ශිහාන් මිහිරංගට තරුණියන්ගෙන් ලැබෙන ආකර්ෂණය ඉතාම ඉහලයි.

May be an image of 1 person and standing

අද වන විට ඔහු ගීත ගණනාවක්ම ගායනා කරලා ප්‍රසංග වේදිකාවටත් නැතුවම බැරි ගායකයෙක් වෙලා හමාරයි. ඉතින් ඒ වගේම ඔහුට ගායන තරගාවලියක විනිසුරු මඩුල්ල නියෝජනය කරන්නත් ශිහාන් වාසනාවන්ත වුණා. ඉතින් හිරු නාලිකාවේ විකාශය වුණ හිරු ස්ටාර් රියැලිටි ගායන තරගාවලියේ විනිසුරුවරයෙක් විදියට වැඩ කටයුතු කලා.

May be an image of 5 people

ඒ ඔස්සේ ඔහුට ජනතා ආකර්ෂණය ඉහලින්ම ලැබුණා. ඉතින් ශිහාන් මිහිරංග කියන්නේ විවාහ වෙලා දරුවන් ඉන්න පියෙක් වුණත් තවමත් තරුණියන්ගේ සිහින කුමරා බව නොරහසක්. ඉතින් ඔහු සංගීත ක්ෂේත්‍රයට ආපු ගමන් මග ගැන මේ විදියටයි එක්තරා රූපවාහිනී මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණේ.

”ලංකාවේ හැම චැනල් එකකටම රියැලිටි පුරුදු කලේ සිරස. අපි වාසනාවන්තයි ඒ ගායන තරගයට ආවට. මගේ ඇප්ලිකේෂන් එක දැම්මේ මගේ යාලුවෙක්. මුලින්ම සිරස හරහා මිනිස්සුන් රියැලිටි ගැන දැන ගත්තම ඒක මිනිස්සුන්ට අලුත් දෙයක්. ඉතින් ඒක අපිට ලොකු චාන්ස් එකක්…. ‘’

May be an image of one or more people, people standing, suit, wrist watch and indoor

මේ විදියටයි ශිහාන් මිහිරංග අදහස් දක්වලා තිබුණේ.

May be an image of one or more people, people standing and indoor