උණුසුම් පුවත්
Search
udari

”අවුරුදු 16ක් තිස්සේ රටවල් 02ක ඉන්න ගමන් රඟපාන එක මට පුරුදුයි” – උදාරි වර්ණකුලසූරිය

170

”බොඳ මීදුම්” ටෙලි නිර්මාණය හරහා රංගන ශිල්පිනියක් විදිහට කරළියට ආපු ඇය අද වෙද්දේ සිනමාවේ පමණයි ආකර්ෂණීය විදිහට අපිට දැක බලා ගන්න අවස්ථාව උදා වෙන්නේ. ඇය නමින් උදාරි වර්ණකුලසූරිය. උදාරි, පුංචි තිරේ වගේම රිදී තිරයේ බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තු දක්ෂ රංගන ශිල්පිනියක්.

May be an image of 1 person and waterfall

මේ දවස්වල ඇය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා කරන්නේ ආසූ සිනමා නිර්මාණයේ ඇය නිරූපණය කරන චරිතය නිසයි. ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරන කුසුමාසන දේවී චිත්‍රපටයේ රූගත කිරීම් වලටත් ඇය මේ දවස්වල සම්බන්ධ වෙලා තියෙනවා.

May be an image of 1 person and shoes

ජනප්‍රියත්වය හිමි පෙත්තේම ඉන්න උදාරේ නිතරම තමන්ට හොඳම දේ සිනමා නිර්මාණ වලට ලබාදෙන්න අමතක කරන්නේ නැහැ. ඒ නිසාම නිරන්තරයෙන්ම සම්මාන ලබන්නත් ඇයට හැකියාව ලැබෙනවා. ඇය මේ දේ කරන්නේ රටවල් 02ක ජීවත් වන ගමන්. එයට හේතුව ඇයගේ ආදරණීය සැමියා සහ දියණිය ජීවත් වෙන්නේ සිංගප්පූරුවේ. ඇයත් වැඩ කටයුතු නැති අවස්ථාවන්වල දී එහෙ යනවා. ඉතින් විදෙස් රටක ජීවත් වන ගමන් ලංකාවේ කලා නිර්මාණ වලට දායක වෙන්නේ කොහොමද කියලා අහපු අවස්ථාවකදී උදාරි කියලා තිබ්බේ මේ වගේ කතාවක්….

May be an image of 1 person

“අවුරුදු 16ක් තිස්සේ මම ඒ දේ කරනවා. ඒ නිසා මට ඒක දැන් පුරුදු වෙලා….. රූපගත කිරීම් තිබෙද්දී ලංකාවට එනවා. නැති කාලෙට දෝනි ගාවට යනවා. ඇය දැන් ලොකුයි, අවුරුදු 12ක්…. ප්‍රේක්ෂකයන් තවමත් මාව බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට මග බලා හිඳින්නට දෙන්නේ නෑ මම කවදාවත්. ඔවුන් මාව බලාපොරොත්තු වෙන තාක් මගේ නිර්මාණ ඔවුන්ට ලබා දෙනවා”

No photo description available.

ඉතින් ඔන්න ඔය විදියට තමයි ඇය තමන්ගේ නිර්මාණ පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.

No photo description available.May be an image of 1 person, smiling and text

May be an image of 1 person and smilingMay be an image of 1 person and shoes

No photo description available.