උණුසුම් පුවත්
Search
gotabhaya singapore

ගෝඨාභයට සිංගප්පූරුවත් යන්න කියයි ?

502

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ගෝඨාභය රාජපක්ෂට දිර්ඝ කාලයක් එරට රැඳී සිටීමට සිංගප්පූරු රජය ඉඩ නොදෙනු ඇතැයි සිංගප්පූරු රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් BBCය ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ශ්‍රි ලංකාවේ ජනතාවගේ විරෝධය හමුවේ පලා යමින් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සෞදි ගුවන් යානයකින් සිංගප්පූරුවට පැමිණ ඇති බව BBCය මීට ටික වේලාවකට පෙර වාර්තා කර සිටියා.

ඔහුගේ පැමිණිම නිසා බොහෝ සිංගප්පූරු වැසියන් කෝපයට පත්වී ඇති අතර එම නිසා එරට සාමය බිද වැටීමට අවස්ථාව ඇති බැවින් එය වලක්වා ගැනීමට සිංගප්පූරු රජය මෙම තීරණය ගනු ඇතැයි ද එම වාර්තා වනවා.

සිංගප්පූරු රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ”පෞද්ගලික සංචාරයක් සඳහා” සිංගප්පූරුවට පැමිණ සිටින නමුත් ඔහු සිංගප්පූරුවේ සරණාගතභාවය ඉල්ලා හෝ ඔහුට සරණාගතභාවය ලබාදීමට බලාපොරොත්තුවක් නොමැති බවත් සිංගප්පූරුව සාමාන්‍යයෙන් සරණාගතභාවය ලබා නොදෙන බවත් ය.

image 227

ජනාධිපතිවරයා ලෙස නඩු පැවරීමෙන් හා අත්ඩංගුවට ගැනීමෙන් වැලකීමේ මුක්තිය භුක්තිවිඳිමට අවශ්‍ය නිසා ලංකාවෙන් පලායන තුරු ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්නොවුනු බව BBCය කියා සිටිනවා.

ඊයේ (13) වනදා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කල ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා තවමත් සිය ඉල්ලා අස්වීම ලබා දී නැතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ජනාධිපතිවරයා මීලඟට පලා යන්නේ කුමන රටකටද යන්න සියළු දෙනා අවධානයෙන් සිටින නමුත් සැබෑ ප්‍රශ්නය වන්නේ ඔහුට රැඳී සිටීමට ඉඩ දෙන්නේ කවුද යන්න බවයි BBCය කියා සිටින්නේ.

ජාත්‍යන්තර වශයෙන් යුද අපරාධ චෝදනා මෙන්ම රටක් බංකොලොත් කල බවට විශාල අවධානයකට ලක්ව සිටින ගෝඨාභය රාජපක්ෂට නවාතැන් පහසුකම් ලබාදී ජාත්‍යන්තර වශයෙන් අර්බුධයකට ලක්වීමට කිසිදු රටක් කැමති නොවනු ඇතැයි එම වාර්තාව තවදුරටත් කියා සිටිනවා.

තිලාන් ජයසේකර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *