උණුසුම් පුවත්
Search
fitch ratings

රාජපක්ෂ සම්බන්ධතා නිසා ආණ්ඩුව ගැන ෆිච් රේටිංග්ස් කරන හෙළිදරව්ව

51

නව ආණ්ඩුවට පවතින ‘රාජපක්ෂවරුන්ගේ සම්බන්ධතා’ හේතුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් දේශපාලන අවදානමකට මුහුණ දී සිටින බව ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ත්‍රිත්වයෙන් එකක් වන ෆිච් රේටිංග්ස් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ වාර්තාවක් නිකුත් කරමින් එම ආයතනය මේ බව සඳහන් කර ඇත.

‘‘නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් ලබාගෙන ඇති අතර ඔහුගේ ආණ්ඩුව විපක්ෂයේ ඇතැම් සාමාජිකයන්ගේද සහයෝගය ලබාගෙන ඇත. සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ප්‍රතිශ්ඨාපනය කිරීම සඳහා සිදුකළ යුතු දුෂ්කර ප්‍රතිසංස්කරණවලදී මෙම බහුතර බලය මගින් යම් සහයෝගයක් ලැබෙනු ඇතැයි අපෙක්ෂා කළ හැකිය.

ආණ්ඩුවේ පාර්ලිමේන්තු ස්ථාවරය ශක්තිමත් බව පෙනේ. නමුත් ආණ්ඩුවට පවතින මහජන සහයෝගය දුර්වලය. විරෝධතා හේතුවෙන් බලයෙන් පහ කරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පසුගිය පාලනයේ අගමැතිවරයා වූයේ වත්මන් ජනාධිපති වික්‍රමසිංහය. පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ ආධිපත්‍යය දරන්නේ රාජපක්ෂ පවුලට සමීපව සම්බන්ධ සන්ධානයේ දේශපාලනඥයන් විසිනි.’’ යැයි ෆිච් රේටිංග්ස් නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

නයන තරංග ගමගේ

Source – Aruna




Leave a Reply

Your email address will not be published.