රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය සම්බන්ධව කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.
එසේම මෙම සිද්ධියට අදාලව චෝදනා ලබා ඇති නීතීඥවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා අගවිනිසුරුවරයා වෙත දන්වා යැවීමට ද තීරණය කර ඇත.