උණුසුම් පුවත්
Search
ketanji

පළමු කළු ජාතික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය

135

අමෙරිකාවේ 116 වැනි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස කෙටන්ජි බ්‍රවුන් ජැක්සන් දිවුරුම් දී තිබෙනවා.

කෙටන්ජි බ්‍රවුන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු කළු ජාතික විනිසුරුවරිය වීම විශේෂත්වයක්.

51 වැනි වියේ පසුවන කෙටන්ජි බ්‍රවුන් ජැක්සන්, 2013 වසරේ සිට ෆෙඩරල් විනිසුරුවරියක් ලෙස සේවය කර තිබෙනවා.

ඇය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් වන සෝනියා සොටෝමේයර්, එලේනා කැගන් සහ ඒමි කෝනි බැරට් සමග කටයුතු කරනු ඇතැයි පැවැසෙයි.

විනිසුරුවන් 9 දෙනෙකු සිටින ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියන් 04 දෙනෙක් සේවය කරන ප්‍රථම අවස්ථාව ද මෙයයි.

ඉකුත් අප්‍රේල් මාසයේ සෙනෙට් සභාව කෙටන්ජි බ්‍රවුන් ජැක්සන්ගේ පත්වීම වැඩි ඡන්දයෙන් අනුමත කරනු ලැබුවා.

(රොයිටර්)




Leave a Reply

Your email address will not be published.