උණුසුම් පුවත්
Search

අලුත උපන් දරුවන් 11 දෙනෙකුට ජීවිත අහිමි වූ සෙන්ගල් රාජ්‍යයේ ඛේදවාඡකය (ඡායාරූප සහිතයි)

150

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන සෙනගල් රාජ්‍යයේ ‘වාඕඋයනේ’ නගරයේ පිහිටි රජයේ රෝහලක පෙරේදා (25) දිනයේ හටගත් ගින්නකින් අලුත උපන් ළදරුවන් 11 දෙනකු පිළිස්සී මියගොස් තිබේ.

‘වාඕඋයනේ’ නගරයේ පිහිටි මමේ අබ්ඩවු අසීස් සයි ඩබක් රෝහලේ ළදරු ඒකකයේ සිටි අලුත උපන් දරුවන් පිරිසක් මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත.

මෙම ගින්නට හසු වූ තවත් ළදරුවන් තිදෙනකු බේරා ගැනීමට හැකි වූ බව රෝහල් බලධාරීන් පවසා තිබේ.

No parents should experience the heartbreak of watching their child suffer  or die | UNICEF

මෙම රෝහල් ගින්න විදුලි පරිපථයේ හටගත් දෝෂයක් හේතුවෙන් හටගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

සිද්ධිය සැල වූ වහාම දැනට ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වෙමින් සිටින සෙනගාල් රාජ්‍යයේ සෞඛ්‍ය ඇමැති අබ්දවුලායේ ඩියෝයුෆ් සාර් සිය සංචාරය අතරමග නවතා නැවත සිය රට පැමිණීමට තීරණය කර තිබේ.

මෙම රෝහල් ගින්න වළක්වාගත හැකිව තිබූ එකක් බව පවසමින් සෙනගල් රාජ්‍යයේ විවිධ කොටස් සිද්ධිය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

Senegal health minister sacked after deadly hospital fire - Africa - World  - Ahram Online



Leave a Reply

Your email address will not be published.