සාදයක දී බීමත්ව ගීත ගායනා කරමින් නර්තනයේ යෙදෙන වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් ෆින්ලන්ත අගමැතිනි සන්නා මරීන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ඇය මෙලෙස විනෝද වීම පාර්ශව රැසකගේ දැඩි දෝෂාරෝපණයට ලක්ව ඇති බවයි.
අදාළ සාදයේ දී මත්ද්‍රව්‍ය භාවිත කළ බවට එල්ලවන චෝදනා අගමැතිනිය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර අගමැතිනි සන්නා මරීන් තමන් කිසිදු අවස්ථාවක නීති විරෝධී කිසිවක් සිදුකර නොමැති බව පවසා තිබෙනවා.

මේ වනවිට 36 හැවිරිදි වියෙහි පසුවන සන්නා මරින් කාලයක් සැළකුණේ ලොව වයසින් අඩුම රාජ්‍ය නායිකාව ලෙසයි.
කෙසේ නමුත් ලොව පුරා රාජ්‍ය නායකයින් අතරින් සන්නා මරීන් බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්වුණා.
මීට පෙර ද ඇයගේ ආහාර වේලකට අධික මුදලක් වැයකිරීම සම්බන්ධව චෝදනා ලබා සිටියා.
