උණුසුම් පුවත්
Search
thanuja

”විවාහයක් හොයනවාට වඩා මට මාව හොයාගන්න එක වැදගත්” – තනුජා ජයවර්ධන

409

තනූජා ජයවර්ධන කියන්නේ ලංකාවේ ඉන්න බොහෝ ඇසූ පිරූ තැන් ඇති අති දක්ෂ නිවේදන ශිල්පිනියක්. ඇය නිවේදන කටයුතු වලට පමණක් නොව ක්‍රීඩා කටයුතු සඳහා ද ඉතාමත්ම දක්ෂයි. ”රස රිසි ගී” නිසා බොහෝ දෙනා අතර ආදරය දිනාගත් ඇය ක්ෂේත්‍රයෙන් ඉවත්ව තමයි කාලය ගත කළේ. නමුත් පසුව තාල භාෂණ වැඩසටහන ඔස්සේ ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වුණා. ඒ වගේම තමයි ඇය දෙරණ නාලිකාවේ විකාශය වු පොදු ටෙලි නාට්‍ය ඔස්සේත් අපිට දකින්න පුළුවන් වුනා. ඇය පවසන ආකාරයට ඒ ඇයගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීමයි. ඇය නිවේදන ක්ෂේත්‍රය තුළ ඉහළ තලයේ නමක් දිනාගෙන සිටින්නේ ඇගේ තිබෙන දක්ෂතාවය නිසාමයි. වසර ගණනාවක් මුළුල්ලේ නිවේදනය හරහා රසිකයන් පිනවන ඇය එක්තරා මාධ්‍ය සාකච්චාවකදී ඇයගේ ජීවිත ගමන පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්…..

image 24

“මම මේ වන විට නිවේදන ක්ෂේත්‍රයේ අවුරුදු ගණනාවක ඉඳන් වැඩ කටයුතු කරගෙන යමින් සිටිනවා… ඇත්තටම වසර ගණනාවක් හොඳ නමක් දිනාගෙන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කර ගැනීමට ලැබීම මගේ වාසනාවක් කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම තමයි දක්ෂතාවයත් ඒ සඳහා ඉතාම වැදගත්. හැමදාම මම ආශ්‍රය කළේ හොඳ මිනිස්සුන්ව. එයාලා මට ලොකු සහයෝගයක් දෙනවා මේ ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන රැඳී සිටීමට. ඒ වගේම තමයි ජනතාවගේ ආදරයත් මට එදා ඉදන් අද වෙනකන් නොඅඩුවම ලැබෙනවා…..

image 25

මම ඇත්තටම දැන් ඉන්නෙ විවාහ වන වියේ වුණත් මට ඒ පිළිබඳව තියෙන්නෙ වෙනස්ම අදහසක්. සොක්‍රටීස් කියලා තියෙනවා ඔබට විවාහයේදී නරක පුද්ගලයෙක් මුණ ගැහුනොතින් ඔබට දාර්ශනිකයෙක් වෙන්න සිද්ධ වෙනවා කියලා….. ඉතින් මං දාර්ශනිකයෙක් වෙන්න කැමති නැහැ.

image 28

සමහර මිනිස්සු විවාහය නිසා නොමැරී ජීවත් වෙනවා මම දැකලා තියනවා. ඉතිං විවාහයක් සොයනවාට වඩා මට මාවම හොයාගන්න එක වැදගත් කියලා මට හිතෙනවා.”
කියලා තමයි ඇය අවසාන වශයෙන් පවසා සිටියේ.

image 26

ඉතින් ඇයගේ ඒ සරලකම හා නිහතමානීකම අගය කරන අතරම ඇයගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

image 27
image 29