මේ මොහොතේ කොළඹ ආරම්භ වී ඇති සාමකාමී විරෝධතාවයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ද එක්වී තිබෙනවා.
එමෙන්ම විශාල ජනකායක් කොළඹ කොටුව දෙසට සේන්දු වෙමින් පවතිනවා.
දුම්රියෙන්, පා පැදියෙන්, ලොරි රථ මඟින්, කන්ටේනර් රථ මඟින් මෙන්ම පා පැදියෙන් ද බොහෝ දෙනෙක් කොළඹට ඒකරාශී වෙමින් සිටිනවා.
දිවයිනේ සෑම ගමක්, නගරයක් පාසාම මෙලෙස ජනතාව රැස්වෙමින් සිටින බව දැකගන්නට පුළුවන්.