මෙරටට පැමිණීමට නියමිතව තිබූ පොහොර නෞකාව පැමිණීම ද ප්‍රමාද වී ඇතැයි කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඉන්දීය රජය හරහා ඕමානයේ සිට පොහොර මෙටි්‍රක් ටොන් 40,000ක් ගෙන එන නෞකාව අද (05) මධ්‍යම රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණත් මුහුදේ පවතින කුණාටු තත්වය හේතුවෙන් එය පැමිණීම ලබන සෙනසුරාදා (09) දක්වා කල්ගොස් ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
ඉන්දීය ණය ආධාර යටතේ පොහොර මෙටි්‍රන් ටොන් 65,000ක ප්‍රමාණයෙන් පළමු තොගය මෙලෙස පැමිණීමට නියමිත් අතර එය ආ සැණින් බෙදාහැරීම් ආරම්භ කරන බව කී ඇමතිවරයා එය යල කන්නයේ වී වගාවට ලබාදීමට ප්‍රමාණවත් බව ද කීය.
ඉතිරි පොහොර මෙටි්‍රක් ටොන් 25,000ක් රැගත් නැව ද නුදුරේදීම පැමිණෙන බව කී ඇමතිවරයා එය ප්‍රධාන වශයෙන් බඩඉරිඟු ගොවීන්ටත්, යම් ප්‍රමාණයක් තේ ගොවීන්ටත් ලබාදීමට බලාපොරොත්තු වන බව ද කීවේය.
මේ වන විට වෙළඳපලේ රුපියල් 40,000ක් වන යූරියා මිටියක් වී හා බඩඉරිඟු ගොවීන්ට රුපියල් 10,000 බැගින් ලබාදෙන බව කී ඇමතිවරයා අනෙක් වගාවන්ට අවශ්‍ය සහය දීම ගැන සාකච්ඡා කරමින් සිටින බව ද පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඩයනා උදයංගනී
Source – Lankadeepa