අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ පුංචි තිරය හරහා අති විශාල ජනතාවකගේ ආදරය ලබන ඒ සොදුරු කාන්තාව ගැන නම් ඕන කෙනෙක් දන්නවා. ඒ තරමටම ඇගේ නිර්ව්‍යාජ හැසිරීමට සහ කතා බහට කවුරුත් ආදරෙයි. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඇය තමයි උමාලි තිලකරත්න කියන්නේ. උමාලි රංගනය අතින් සිනමාව, පුංචි තිරය තුළ තම දක්ෂතා අතින් කැපී පෙනෙන චරිතයක්. ඉතින් ඇය රංගනය කල ටෙලිනාට්‍යය හරහා ඇගේ විවිධ චරිත නිරූපනයන් ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයාට දැක බලා ගන්න පුලුවන්. ඉතින් උමාලි තිලකරත්න ගැන තවත් බොහෝ දෙනා දන්නේ ඇය ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර සමගින් විවාහ වෙලා මේ වන විට ඔවුන් දෙදෙනා වෙන් වෙලා ඉන්න නිසයි. මොකද ඔවුන් කලක් ජනප්‍රියම යුවළ විදියට නම් දරුවා.

ඉතින් කවුරුත් ආදරය කරන උමාලිගේ විශිෂ්ට රංගනයන් විදියට සකර්ම, බොහිමියානුවා වැනි ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂක අපිට දැක ගන්න පුලුවන්. පසුගිය දා පැවති සුමති සම්මාන උළෙලේ ”හොදම ටෙලිනාට්‍යය නිළිය” විදියට සම්මානයට පාත්‍ර වෙන්න උමාලි වාසනාවන්ත වුණා. ඒ එක්ක උමාලි ගැන හැමෝම නැවත කතා කරන්නට වුණා…. ඉතින් ඒ අවස්ථාවේ ඇය සහභාගි වුණු මාධ්‍ය සාකච්ඡාවකදී ඇගේ ප්‍රේක්ෂකයන්ව දිරිමත් කලේ මේ විදියටයි.

”අපි ජීවිතේ හැමදාම එක වගේ ඉන්නෙ නෑ. උස් පහත්වීම් අපේ ජීවිතේට මුහුණ දෙන්න වෙනවා. ඉතින් වැටෙන කොට වැටෙන්න. එතකොට තමයි නැවත නැගිටින්න පුලුවන් වෙන්නේ…. තමන් තමන්ට අනුව, හිතට එකගව ජීවත් වීම තමයි කල යුතු දේ වෙන්නේ. ”

ඉතින් මේ විදියටයි ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනී උමාලි තිලකරත්න ඇගේ අදහස් දක්වලා තිබුණේ. කොහොම නමුත් ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් ඇයට ආශීර්වාද එක්කර තිබුණා.
