උණුසුම් පුවත්
Search
shalani tharaka wedding

රටම බලා සිටින ශලනි තාරකාගේ විවාහයට සියල්ල සූදානම්

1657

අපේ රටේ ජනප්‍රිය, ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වෙන ශලනි තාරකා ගැන පසුගිය දිනවල හැමෝම කතා කරන්න ගත්තේ ඇය විවාහ වෙන්න යනවා කියන ආරංචියත් එක්කමයි… ඒ වගේම පසුගිය කාලයේ සම්මාන රාත්‍රීන් නිසාත් ඇය ගැන වැඩිවශයෙන් කතා වුණා. කොහොම නමුත් ඇය ඉතාම ඉක්මනින් විවාහ වෙන්නට සූදානම් වෙන බවට ආරංචි දස අත පැතිරෙද්දි තවමත් ඇය පෙම්වතාගේ ඡායාරූපයක්වත් සමාජ මාධ්‍යයේ නම් පළ කර නැහැ.

No photo description available.

ශලනි තාරකා ඉක්මනින් විවාහ වෙන්න යනවා කියලා මාධ්‍යයට කීපවතාවක්ම කිව්වා. නමුත් විවාහ වෙන්නේ කවද්ද කියලා කිව්වේ නැහැ.

No photo description available.

කොහොම නමුත් මේ මාසේ 17 වැනිදා ඒ කියන්නේ ජූලි 17 වැනිදා ශලනි තාරකාට මංගල සීනු හැඬවෙනවා කියලා තමයි ආරංචි වුණේ. කොළඹ තරු පහේ හෝටලයක විවාහ මංගල උත්සවය පවත්වන්න සියලු කටයුතු සූදානම් කියලා තමයි ආරංචිය.

No photo description available.

බොහෝ දෙනෙකුගේ දෙවෙනි මනමාලි වුණු ශලනි මේ විවහා මංගල උත්සවයේ නම් දෙවැනි මනාලයින් සහ දෙවැනි මනාලයින් වෙනුවට පුංචි මල් කුමර කුමරියන් ටිකක්ලු ගන්න ඉන්නේ….

No photo description available.

ඉතින් ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් කුතුහලයෙන් මේ දිහා බලාගෙන ඉන්න බව නම් නිසැකයි.

කොහොම නමුත් ඇය විවාහ වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකික තරුණයෙක් එක්ක කියලා දැන් ප්‍රසිද්ධ රහසක්.

No photo description available.

No photo description available.

No photo description available.