අපේ රටේ නිරූපන ශිල්පිනියන් අතරින් ප්රමුඛ පෙලේ සිටින නමක් දිනූ ඇය නමින් අමන්දා ද සිල්වා. නිරූපනයට වගේම රංගනයටත්, නර්තනයටත් දස්කම් දක්වන ඇයත් සමඟ කළ කතාබහක් තමයි මේ.
අමන්දා පසුගිය දවස්වල ලොකු තරගයකට මුහුණ දුන්නා?
‘හිරු මෙගා ස්ටාර්’ තරගාවලියේ අවසන් නව දෙනා අතරට මම දැන් තේරිලා ඉන්නේ. ඉතින් මම සමග තරග කරපු සියලුමදෙනා මට අභියෝගයක් වුණා. ඒ වගේම මට මාවත් අභියෝගයක් වුණා. එහෙම කිරුළ ගන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද මම දැන් මේ ඉන්න තැන ගැන සතුටු වෙනවා. මොකද මේ කිරුළ හිමිවන්නේ එක්කෙනාටයි. එය කාට හිමිවුණත් මම හදවතින්ම සුබපතනවා වගේම සතුටු වෙනවා.

ඔබේ නර්තනයට විනිශ්චය මණ්ඩලයෙන් හොඳ පැසසුම් ලැබුණා නේද?
ඔව්. එය මට වටිනා අගය කිරීමක්. මම ඉදිරිපත් කළ නිර්මාණ වලට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ විතරක් නෙවේ මගේ ආදරණීය ප්රේක්ෂකයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබුණා.

මෙයට පෙර අමන්දා නර්තනය ගැන හැදෑරීමක් කළාද?
පොඩි කාලේ ඉඳලා මට නැටුම් කරන්න ආශාවක් තිබුණා. පසුකාලීනව මම කුලසිරි බුදවත්ත ගුරු පියාණන් යටතේ උඩරට නර්තන හැදෑරුවා. කපිල පලිහවඩන යටතේ බැලේ හැදෑරුවා. මම ලොකුවට හැදෑරීමක් කළේ නැහැ. නමුත් මම ඒ ප්‍රගුණ කරපු දේවල් ‘හිරු මෙගා ස්ටාර්’ තරගයට මුහුණ දීමට රුකුලක් වුණා.

‘ෂෙලීනා’ට පසු ඔබේ රඟපෑම් කටයුතු මගහැරුණාද?
මම රඟපාපු පළමු චිත්‍රපටය ‘ෂෙලීනා.’ එයත් ‘කොවිඞ්’ ප්‍රශ්නත් එක්ක තිරගත වුණා. නිර්මාණ වලින් ආරාධනා ලැබුණත් ‘කොවිඞ්’ ප්‍රශ්නත් එක්ක ඒ සියලුම වැඩකටයුතු කල්ගියා.

ඔබේ බාහිර ස්වරූපයත් රඟපෑමට කැඩපතක් වන්නට ඇති?
එයත් බලපාන්න ඇති. හැබැයි ඉතින් දක්ෂතාවයත් බලපානවා රඟපෑම් කටයුතු වලදී ඉදිරියට යන්නට නම්.
ඔබේ ආදරණීය නැඟණියත් දැන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. ඇයගේ රඟපෑම ගැන මොකද ඔබට හිතෙන්නේ?
මගේ පොඩි නංගි උදාරි සෞභාග්‍යා… ඇය මේ තරම් ලස්සනට රඟපායි කියලා මම හිතුවේ නැහැ. මගේ මාමා හරහා තමයි ඇයට මේ ක්ෂේත්රයට යොමුවීමට අවස්ථාව ලැබුණේ. ඉතින් මමත් ඇයට දැනමුතුකම්, අවවාද දෙනවා, මේ ගමන යන්න ඕන විදිය ගැන. සතුටුයි කෙනෙක් මෙහෙම ඉන්නවා දකිනකොට.

(වසන්ත විතාරණගේ)