ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ වගේම ජනප්‍රිය සුන්දර නිවේදිකාවක් තමයි සචිනි නිපුන්සලා කියලා කියන්නේ.
ඇය නිවේදන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් මෙන්ම නර්ථන ශිල්පිනියක ලෙසත් මෙරට කලා ක්ෂේත්රය තුළ කටයුතු කරන අතර ජනතා ආකර්ෂණයක් හිමි කර ගැනීමට සමත් තරුණියක්.
මෙලෙස කලා ක්ෂේත්රය තුළ ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න ඇය මේ වන විට විවාහකයි.

ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබුණේ මෙලෙසින්.
” මම ඉස්කෝලේ පහ වසරේ වගේ ඉඳලම එක එක චැනල් වල ළමා වැඩසටහන් මෙහෙයවමින් නිවේදන කටයුතු කළා…. මම දෙරණට සම්බන්ධ වෙන්නේ අවුරුදු 14 දි වගේ….. ඒ වගේම මම මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවා… ඊට පස්සේ උසස් පෙළ කරන්න කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වුණා…”

” උසස්පෙළට වාණිජ විෂය ධාරාව හදාරලා ඊට පස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණා…. ඉගෙන ගන්න කාලේදිමයි දෙරණට සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ…. ඒ වගේම දෙරණ චැම්පියන් ස්ටාර්ස් අන්ලිමිටඩ් වැඩසටහන හරහා තමයි මාව බොහෝදෙනෙකු අඳුනගත්තේ… ඒකෙන් මට වෙනමම ප්‍රේක්ෂක කොටසක් නිර්මාණය වුණා…” කියලත් සඳහන් කරනවා.

”ඒක ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් වැඩසටහනක්” බව කියන ඇය කාර්යබහුලත්වයෙන් පීඩිත වෙලා ඉන්න මිනිස්සුන්ට මඳකට හෝ මානසික සහනයක් ලබා ගන්න මෙය උදව්වක් වුණා කියල විශ්වාස කරනවා කියලයි පවසන්නේ.

විවාහය ගැනත් ඇය අදහස් දක්වලා තිබුණා…..
”මගේ විවාහය හරිම සරල විදියට ප්ලෑන් කළා…. මම සුපිරි හෝටලයක් වෙනුවට තෝරාගත්තේ පන්සලක්…. එය සීමිත පිරිසක් එක්ක චාම් අයුරින් සිදුකළ විවාහ උත්සවයක්…. මගේ විවාහය නිමා වුණේ වැඩිහිටි නිවාසයකට දානයක් පිරිනැමීමෙන් පස්සේ. ඒක ඉසුරුගෙයි මගෙයි දෙන්නගෙම අදහසක්…

අනික ඉසුරුයි, මමයි තමයි ඒ හැමදේකම සම්පූර්ණ වියදම දැරුවේ…. අපි අම්මලට කරදර කළේ නැහැ…. අපිට ඕන වුණේ බොහෝම සරල දෙයක් කරන්න.. බොරුවට සල්ලි ගොඩක් වියදම් කරන්න නෙවෙයි අපිට ඕන වුණේ හොඳ දෙයක් කරන්න…. අපි වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න අදහස් කළේ ඒකයි. මේ විදියට ලස්සනට හැමදේම කරන්න පුළුවන් වුණේ මටම ගැළපෙන පෙම්වතෙක් හමු වුණ නිසා….”

ඉසුරු ගැන අදහස් දක්වමින් සචිනි කියා සිටියේ, ”ඔහුව දැක්ක ගමන් මට පොඩි ක්‍රෂ් එකක් ඇති වුණා” කියලයි…
”ඉතින් මුලින්ම අපි හොඳ යාළුවො වගේ අවුරුදු 7ක් 8ක් විතර හිටියා.. ඒ කාලෙදි අපි හොඳින් අඳුනගත්තා.. ඊට පස්සේ ඉසුරු මට හොඳින් ගැළපෙනවා කියල මට තේරුණා.. පස්සේ කතාබහ කරලා අපි පෙම්වතුන් වුණා.. ඒ වගේම 2020 දි තමයි අපි විවාහ වුණේ;;;

මේ අතර අවුරුදු 2ක් තරම් කෙටි කාලයකදී විවාහ වෙන්න අපිට පුළුවන් වුණේ ඒ තේරුම් ගැනීම නිසා.. දැන් අපි හරිම සතුටින් අපි ජීවිතේ ගෙවනවා…. ඒ වගේම හෙමින් හෙමින් අපි අපේ ඉලක්ක කරා යනවා …” කියලත් ඇය කියා තිබෙනවා.
