මේ වනවිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පවතින වායු දූෂණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක් පළඳින්නැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ අවදානම් කණ්ඩායම් හැකිතාක් නිවෙස් වලට වී පසුවන්නේ නම් ආරක්ෂාකාරී බවය.
“මේ අවස්ථාවේ වාතයේ ගුණාත්මක තත්ත්වය තාවකාලිකව නරක අතට හැරිලා තිබෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ ඉන්දියාවේ සිට පැමිණෙන සුළඟ නිසා….”
“දැනට වාර්තා වෙලා තියෙන ආකාරයට ප්‍රධාන නරග වල මෙම නරක වායු තත්ත්වය වාර්තා වෙනවා. කොළඹ, යාපනය, රත්නපුරය, පුත්තලම, මහනුවර, වව්නියාව ආදී නගර වල….. මේ පරිසර තත්ත්වය ශ්‍රී ලංකාවට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි….”
“මේ අවස්ථාවේ වයස්ගත උදවිය, කුඩා දරුවන්, හෘද රෝගීන්, පෙනහලු රෝගීන් නිවෙස්වලින් පිටතට යෑම පුළුවන් තරම් සීමා කරනවා නම් හොඳයි…..” යැයි අනිල් ජාසිංහ මහතා කියා සිටියි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බවයි.
එය සෞඛ්‍යට අහිතකර මට්ටමක් ලෙස සැළකේ.