මහේෂි මධුශංකා කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. පැහැසරා , ඇය වැනි ටෙලි නිර්මාණ හරහාත් සිනමා නිර්මාණ හරහාත් අපට ඇයව දැක බලාගන්නට පුළුවන්. වගේම තමයි මේ දිනවල අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වන මැස්සා ටෙලි නිර්මාණය තුළත් අපට ඇයව දැක ගන්නට පුළුවන්. ඇය මේ වන විට විවාහ වී ආදරණීය සුරතල් දරුවන් දෙදෙනකුගේ මවක් වී අවසානයි. නමුත් ඇයගේ සුන්දරත්වය නම් එදාටත් වඩා වැඩියෙන් අද වන විට කැපී පෙනෙනවා. ඉතින් පසුගියදා ඇය එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳව තතු රසිකයන් සමඟ පැවසුවේ මේ විදියට.

‘ මේ දවස් වල ගෙදර ජීවිතය ගැන ගත්තොත් රටේ පවතින තත්ත්වයත් එක්ක පොඩි අයට එහෙම තිබ්බ නිදහස සීමා වෙලා. මිනිස්සු ඔක්කොම ලොකු අරගලයකනෙ ඉන්නේ. කොහොම වුණත් මේ දරුවොත් එක්ක ඉන්න කොට ප්‍රශ්න අමතක වෙනවා. සතුටින් හොඳින් ඉන්නවා ඒ නිසා. දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙලත් ඉස්සරටත් වඩා ලස්සනයි කියලා බොහෝ දෙනා කියනවා. අපේ රංගන හා කලා ක්ෂේත්‍රයේ අය ඇත්තටම හොඳයි. කෙනෙකුගේ දක්ෂතා වගේම ලස්සන පවා එයාලා වර්ණනා කරනවා. මෑතකදී the game චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පෙන්නුවා. ඒක නරඹන්න රන්ජන් අයියව ගෙන්නුවා. ඉතින් අපිත් ඒකට ගිහින් හිටියේ. එදා ඒ වෙලාවේ ඇවිත් හිටිය කලා ක්ෂේත්‍රයේ ගැහැනු පිරිමි භේදයකින් තොරව මාව අගය කළා. කොහොමද මොකද්ද රහස එහෙම කියලා ඇහුවා. ඒත් ඉතින් මං ඒ වෙනුවෙන් කියලා විශේෂ දෙයක් කරන්නේ නෑ.

බබාලගෙ වැඩත් එක්කනෙ ඉන්නෙ. නමුත් මහන්සි වෙලා වැඩ කරන අතරේ මම මා ගැනත් බලාගන්නවා. තමන්ට උනන්දුව තියෙනවා නම් ඕනෑම අම්මා කෙනෙකුට ඒක කරන්න පුළුවනි. ඒක මැජික් එකක් නෙමෙයි. තමන්ටත් ආදරය වෙන්න ඕනෑ. මව්වරු ලෙස කාන්තාවන් ලෙස දවසේ කරන්න වැඩ කොටසක් තියෙනවා නේ. ඒ වැඩ කර කර ඉන්නකොට තරබාරු වන ස්වභාවය නැතුව යනවා. ඒ එක්කම ඕනෑ නම් අපට අපේ රටේ නිෂ්පාදනය කරන හොඳ දේශීය පාන ඖෂධ පාන වගේ දෑ තියෙනවනේ. ඒ ගැනත් අවධානය යොමු කරන්න පුළුවන් නම් හොඳයි. ‘
ඒ විදියට තමයි ඇය එහිදී සඳහන් කර තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
