උණුසුම් පුවත්
Search
tharuka w

”හැමෝම කියන්නේ මං හරිම චාම්, ලස්සන විලාසිතා කරනවා කියලයි” – තාරුකා වන්නිආරච්චි

190

පුංචි තිරයට පායපු හැඩකාරියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නේ. සුන්දර රූ සපුවකට හිමිකම් කියන නිසාම ඇය කා අතරත් ජනප්‍රියයි. තමන්ගේ පාඩුවේ නිහඬව ගමනක් යන ඇය කාලා ක්ෂේත්‍රයේ සුහදශීලී චරිතයක් කිව්වොත් වරදක් නෑ. පෞද්ගලික ජීවිතේ නම් ඇය ඉතින් දැන් අවුරුදු දෙකක දරුවෙක් ඉන්න අම්මෙක්. ඒ වුණත් තවමත් තරුණයන් වසග කරවන රූපයක් තමයි ඇයට හිමිවෙලා තියෙන්නේ. තාරුකා විවාහ වෙන්නේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු සමඟයි. ඉතින් ඇය ඉතා සුව පහසු ජීවිතයක් තමයි ගත කරන්නේ.

image 335

තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන ඇගේ රූපයට ගොඩක් දෙනා ආකර්ෂණය වෙනවා. ඊටම ගැලපෙන අයුරින් කොන්ඩයත් ඇයට හිමිවෙලා තිබීම ඇගේ රූප සොබාව වැඩි දියුණු කරවන්නට උපකාර වෙනවා.

image 336
image 337

ඉතින් ඇගේ සරල චාම් විලාසිතා වලට ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය යන්නේ ඇය තෝරාගන්නා විලාසිතා නිසාමයි. ඉතින් තාරුකා වන්නිආරච්චි විලාසිතා කරන්නේ බිරිදක්, මවක් විදියට හිතලා පවුලේ අයගේ හිත රිදෙන්නැති වෙන්නයි. ඉතින් ඇය බාහිර පිරිස් මොනව කිව්වත් ඒවා ගනන් ගන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඇගේ හැඩය, හමේ පාටට අනුව වගේම සහභාගී වන තැන ගැන වැඩි අවධානයක් යොදවලා තමයි තාරුකා විලාසිතා කරන්නේ. තාරුකා වන්නිආරච්චි ඇය කරන විලාසිතා ගැන ප්‍රේක්ෂකයන්ගෙන් ලබන ප්‍රතිචාර ගැන සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කරලා තිබුණේ මේ විදියට…..

2 10

”හැමෝම කියන්නෙ මම හරිම චාම්, ලස්සනට විලාසිතා කරනවා කියලයි. මොන ඇදුම ඇන්දත් හරිම පිලිවෙලයි කියලත් ගොඩක් දෙනා කියනවා. ඇදුම ගත්තේ කොහෙන්ද, ගාන කීයද කියලා නිතරම මගෙන් අහනවා…..

02

මම ආසයි ඉන්දියානු විලාසිතා කරන්න. මට ඒ විලාසිතා වලට ගොඩක් ලස්සනට පේනවා. මොකක් හරි ඇදුමක් ඇන්දම ඒකට ගැලපෙන්න කොන්ඩය හදනවා. ඒ වගේම පළදින ආභරණ ගැන වගේම ගෙනියන බෑග් එක ගැනත් මම ගොඩක් හිතනවා. අත් ඔරලෝසු දාන්නත් මම ගොඩක් කැමතියි….”

04

ඔන්න ඔය විදියට තමයි ඇය විලාසිතා ගැන කිව්වේ.

කොහොම නමුත් ලෝකේ පුරා සංචාරය කරන එකත් තාරුකාගේ ජීවිතයේ කොටසක් වෙලා ඉවරයි. ඒ ගැන ඇය කියන්නේ, විවාහ වෙන්න පෙර සිටම සංචාරය සඳහා පෙම්වතා පොරොන්දු වූ බවයි. ඒ නිසාම තමා ඔහුව විවාහ කරගත්තෙත් කියලා ඇය නිරතුරු පවසනවා.

කොහොම නමුත් පුංචි තිරයේ හැඩකාරිය වගේම අහිංසකාවිය විදියටත් හඳුන්වන ඇයටත් ඇගේ පුංචි පවුලටත් අපි සුබ පැතුම් එක්කරනවා.

03
06
08
011



Leave a Reply

Your email address will not be published.