උණුසුම් පුවත්
Search
nehara

”චතුරිකා අක්කිගෙ බබාගේ බර්ත්ඩේ පාටි එකේ ෆොටෝස් දැකලා තමයි හැමෝම දැනගත්තේ” – දෙවන වරටත් මව් පදවියට සැරසෙන නෙහාරා පීරිස්

1528

නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂගේ ආදර කතාව ගැන ලංකාවේ කලා ලෝකයට ආදරය කරන කෙනෙක් නොදන්න තරම්. ඒ තරමටම ප්‍රසිද්ධ ගොඩක් අය ආදරේ කරන ඉතාමත් ආදරණීය ආදරණීය යුවලක් තමයි නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂ කියන්නේ. ඔවුන් දෙදෙනා විවාහ පත් වෙන්නේ 2014 වසරේ දී. ඉන් පසුව ඔවුන් දෙපළගේම ලොකුම සහ එකම හීනයක් වෙලා තියෙන්නේ ආදරණීය පුංචි දරු සුරතල් බලන එකලු. ඒ උනාට විවාහයෙන් පසුව 2015 වසරේ දී අධ්‍යාපන කටයුතු සඳහා මොවුන් අමෙරිකාව බලා පිටත් වෙනවා. ඒ නිසා මේ දෙපළට දරුවෙක් ගැන හිතන්න තරම් වාතාවරණයක් නම් තිබිලා නෑ කියලයි ඔවුන් පැවසුවේ. ඒ වගේම තමයි කලින් බාර අරගෙන තිබුන නිර්මාණ වලට තිත තියන්න බැහැ වගේම ඒ නිර්මාණ අතර මගදි නතර කරලා අධ්‍යක්ෂකවරුන් අපහසුතාවයට පත් කරන්න බැරි නිසා ඒ හීනය ඒ විදියට කල් දාන්න ඔවුන්ට සිදුවෙලා තියෙනවා.

image 159

නෙහාරයි මේනකයි විවාහයෙන් පස්සේ විදේශගත වුණාට පසුව එහි ජීවිතයට හුරු වෙලා ඒ දෙන්නා සතුටින් නව යුවලක් විදිහට ජීවිතේ ගත කරගෙන ගියාලු. ඒ වගේම ඔවුන්ට කාලයත් සමඟ එහි ජීවිතය හොඳින්ම හුරුපුරුදු උනාලු. කොහොමහරි ඔවුන් නැවත ලංකාවට පැමිණෙන්නේ 2019 වසරේ දී.

ඒ ආවට පසුව දෙන්නම එකතු වෙලා එකතුවෙලා කලින් වගේම සුපුරුදු විදියට කලා වැඩකටයුතු කරගෙන ඉන්න අතරේ දරු සුරතල් බලන්න ඔවුන්ට හැකි වුණා. සිඟිති දියණිය මෙයිලි නිකොලා රාජපක්ෂ තමයි ඔවුන්ගේ ඒ කිරි සිහිනය පළමු වරට ඉටු කරන්නේ.

image 158
image 156

දරු උපතත් සමඟ නෙහාරා වැඩ කටයුතු අතින් ඉතාමත් කාර්යබහුල වූ බැවින් මේනකගේ අම්මයි අක්කයි ගෙවල් ළඟම ඉන්න නිසා නිතර ඇවිත් වැඩ කටයුතු වලට ලොකු සහයෝගයක් දුන් බව ඇය කියා සිටියා. ඒ නිසා ඇයගේ වැඩකටයුතු වැඩ කටයුතු කරගන්න ලොකු පහසුවක් වුණ බවත් ඇය සඳහන් කර සිටියා.

image 157

පළමු වරට මව් ලබලා වසරක් වැනි කාලයක් ඇතුළත ඇය නැවත වරක් මව් පදවියට සුදානම් වෙනවා කියලා තමයි දැනගන්නට ලැබුණේ. ඉතින් නැවත වතාවක් මොවුන් දෙපළ මව්පිය පදවි ලබනවා කියලා ලොකුවට photos අරගෙන සමාජ මාධ්‍ය වල දාලා ප්‍රසිද්ධ කරන්න තරම් වුවමනාවක් තිබුනේ නැති බවත් ”චතුරිකා අක්කිගෙ බබාගේ උපන්දින සාදයට ගියාට පස්සේ photos දැකලා තමයි හැමෝම අහන්න පටන් ගත්තෙ” කියලා නෙහාරා අදහස් දක්වා තියෙනවා.

ඉතින් මේ විදියට තමයි මේ සුන්දර ආදරණීය නෙහාරා – මේනක දෙපළ තමන්ගේ දෙවන වර මව්පිය පදවිය ලැබීම ගැන අදහස් දක්වා තිබුනේ ඉතින් ඔවුන්ට අපි ආදරණීය සුබ පැතුම් එක් කර සිටිනවා.

image 154
image 155



Leave a Reply

Your email address will not be published.