ආයා කියන්නේ අරාබි බසින් ආශ්චර්යය යන්නයි.
පසුගිය දා ලෝකයේම අවදානය දිනාගත් තුර්කියේ භූමිකම්පාවෙන් පසුව සුන්බුන් අතර සිට හමු වූ මව පියා සහ සහෝදර සහෝදරයින් හතර දෙනාම මියගොස් ඇති දැරිවියගේ නම ආයා යි.
ඇය සොයාගන්නා විටත් පෙකණිවැල මවගේ ශරීරයට සවි වි තිබුනු බව කියැවෙනවා.
මුලදී අවධානම් තත්වයක සිටියත් ආයා මේ වනවිට රෝහලේ සුවයෙන් පසුවන බවටයි වාර්තා වන්නේ.
ඇයට මේ වනවිට රෝහලේ වෛද්‍යවරයෙක්ගේ බිරිඳකගෙන් මව්කිරි ලැබෙන අතර විශේෂම කාරණය ඇයව හදවඩා ගැනීමට කැමැත්ත පල කරමින් දහස් ගණනක් දෙනා රෝහලට ඇමතුම් ලබාදෙමින් සිටින බවද සඳහන්.
නමුත් රෝහල් කළමණාකරනය මේ වනවිට ඇයගේ දුරින් හෝ ඥාතීන් වන අය ගැන සොයාබලමින් සිටින බවයි පැවසෙන්නේ.