ටාශියා කාලිදාස කියන්නේ කලා ක්ෂේත්‍රයට අලුතෙන්ම පිවිසුණු රංගන ශිල්පිනියක්.නවක රංගන ශිල්පිනියක් වුවත් ඉතාම කෙටි කාලයකදී ඇයට ජනප්‍රියත්වයක් ලබාගැනීමට හැකියාව ලැබුනේ ඇයගේ වූ රංගන හැකියාව නිසයි.ඇය ක්ෂේත්‍රයට නවක වුවත් ඇය සැලකිය යුතු ටෙලි නාට්‍ය ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදී තියෙනවා.මේ වන විට 2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාගෙන සිටින මේ පුංචි රංගන ශිල්පිනිය පවුලේ සිටින බාලම දරුවා වනවා.ඇය එක්වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඇයගේ නවතම තොරතුරු රසිකයන් සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.

“මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නේ වෙළෙඳ දැන්වීම් හරහා.මම ඇත්තටම ගොඩක් ෆැෂන් කරන්න ආස කෙනෙක්.ඉතින් ගොඩක් අය මට කියනවා මම ෆැෂන් කරද්දි කොටට අඳිනව වැඩියි කියලා.මම දිගටත් අඳිනවා නමුත් වැඩිපුරම මම කැමති කොටට අදින්න.ඒ නිසා කවුරු මොනවා කීවත් මම කොටට අඳිනවා.මොකද ඒක මගේ කැමැත්ත නිසා.
මට ඇත්තටම පවුලෙ ලොකු සහයෝගයක් ලැබෙනවා.අපේ පවුලේ කවුරුත් රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ.මගේ පියා සංචාරක අංශය රැකියාවක නිරත වන්නේ.මගේ අක්කා ලංකාවේ නෙවෙයි ඉන්නේ.එයා වැඩිදුර අධ්‍යාපනය සඳහා චීනයට ගිහින් ඉන්නේ.

ඇයට මේ පාකිස්ථාන ටෙලි කතා මාලාවට අවස්ථාව ලැබෙන්නේ කර්නල් රෝහණ වික්‍රමසිංහ විසින්. ඉතිං බයෝ ඩේටා එකක් යැව්වත් එච්චර බලාපොරොත්තු තියා ගත්තේ නැහැලු. නමුත් පසුව පකිස්ථානයේ අධ්‍යක්ෂකවරයා එක්ක සූම් වලින් කතා කරල තිබෙනවා. උර්දු වලින් දෙබස් තියෙන වීඩියෝ එකක් එවන්න කියලා. ඒක යැව්වම ඔහු ටාශියාව තෝරා ගෙන තිබෙනවා.ඉතින් ඇය අවසන් වරට පැවසුවේ මෙවන් දෙයක්.

“ඇත්තටම නිළියක් වෙන එක ගැන මම කවදාවත් හිතුවේ නැහැ.මේක මට දෙවියන් දීපු වරමක්.හැබැයි මං වෘත්තීමය වශයෙන් රංගන ශිල්පිනියක් වෙන්න කැමැත්තක් නැහැ.ගුවන් සේවිකාවක් වෙන්න තමයි ආසාවෙන් ඉන්නෙ” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
