තිලිණි ප්‍රියමාලිට සල්ලි දුන්න ලයිස්තුවේ රාජපක්ෂවරුන්ගේ නම් හැර රාජපක්ෂවරුන්ට කළු සල්ලි ඇතැයි චෝදනා කළ සියලුම දෙනාගේ නම් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව පැවසූවේ නාවලපිටියේ පැවති රැස්වීමට එක්වෙමිනුයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,
“දැන් පහුගිය කාලේ අරගලයට වෙලා රාජපක්ෂලාගේ කළු සල්ලි තියෙනවා කියපු බොහෝ අය කොළඹ ඉන්න අක්ක කෙනෙක්ට සල්ලි දීලා….. අපි ගාව තමයි කළු සල්ලි තියෙනවා කිව්වේ….. හැබැයි සල්ලි දීපු ලයිස්තුව බලපුවාම අපි හැර හැමෝම ඉන්නවා. දැන් අපිට හොරා කියලා කිව්වා. අපි ගාව කළු සල්ලි තියෙනවා කිව්වා. තවත් සමහරු අරගලයෙන් ගිහිල්ලා දේශපාලන වේදිකාවට. ඒකට හේතුව තමයි දේශපාලන රැකවරණය ලබාගන්න….. එහෙම යම්කිසි කෙනෙක් දේශපාලනික වශයෙන් රැකවරණය ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒ අයට දේශපාලනයේ රැඳී ඉන්න උදව් කරන්නත් එපා….”යනුවෙන් ඔහු පවසනවා.