පසුගිය කාලයේ ලංකාවේ වැඩියෙන්ම කතා වුන විවාහ උත්සවය තමයි ජනප්‍රිය නර්තන ශිල්පිනී අසේකා විජේවර්ධනගේ සහ ජනික් ජයසූරියගේ විවාහ උත්සවය. ඉතින් මේ කතාබහ හැමෝම ආදරේ කරන මේ අලුත් යුවල එක්කයි.
ජනික් – අසේකා අලුත් ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
”දැන් අපි දෙන්නම විවාහයෙන් පස්සේ අලුත් ජීවිතයට හුරුවෙනගමන් ඉන්නේ, දැනට ලොකු වෙනසක් නෑ…. අපි ගොඩක් සතුටින් ඉන්නවා, අපි දෙන්නම දැනට පදිංචි වෙලා ඉන්නේ ජනික්ගේ ගෙදර… ජනික්ට ලස්සන පවුලක් වගේම ලස්සන ගෙදරක් තියෙනවා. පවුල සමග ගත කරන කාලය හරිම සුන්දරයි…”

ජනික් පලවෙනි වතාවට හමුවුනේ කොහොමද?
”ජනික් මට මීට් වෙන්නේ මගේ හිතවත් ඇන්ටි කෙනෙක් හරහා, අපි ආදරේට ඇයට කියනේ ආන්ටි සැන්ඩි කියලා…. එයාගේ හරි නම තමයි සන්ද්‍යා ජයසූරිය, ඉතින් දවසක් කතා කරද්දී ආන්ටි සැන්ඩි තමයි කිව්වේ මෙහෙම පිරිමි ළමයෙක් ඉන්නවා කියලා.

ජනික් මුල දී කතා කරද්දී මම එයාව වැඩිය දන්නේ නැති නිසා කතා කරන්න කැමති වුනේ නෑ… පස්සේ ජනික් මට කතා කරන්න ගත්තා… එහෙම දිගටම කතා කරද්දී අපි දෙන්නා ගොඩක් හිතවත් වුනා. දිනක්ෂි අක්කගේ වෙඩින් එක දවසේ තමයි අපි දෙන්න මුහුණට මුහුණ බලාගෙන කතා කලේ… ජනික් ඒ වෙඩින් එකට ආවා….”

ජනික් ඔබේ සහකාරයා විදියට තෝරාගත්ත එක ගැන මොකද හිතෙන්නේ?
”මගේ සැමියා විදියට ජනිත් තෝරාගත්ත එක මම ගත්ත හොඳම තීරණ වලින් එකක්. මම නම් කියන්නේ සෑම කාන්තාවකටම ලැබෙන්න ඕන ජනික් වගේ සැමියෙක්… මම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු කෙනා සතුව තියෙන්න ඕන ගුණාංග හැම එකක්ම ජනික් ළඟ තියෙනවා.

ජනික් ගැන දන්නා අය ඒ ගැන හොඳටම දන්නවා…. මම, ජනික් කෙනෙක්ගේ හිත රිදවනවා දැකලා නෑ… එයා කිසිම කෙනෙක්ට නරකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම එයා මට වගේම මගේ පවුලටත් ගොඩක් ආදරෙයි… ඉතින් මං හිතනවා එයා තමයි හොඳම කෙනා කියලා….”

කොහොම වෙතත් ඇය කියන හැටියට මේ සම්බන්ධතාවයට ගෙවල් දෙකෙන් කිසිම විරුද්ධත්වයක් ඇවිල්ලා නැහැ. ඊට හේතුව වෙන්නේ දෙපාර්ශ්වයම ඉතාමත් හොඳින් මේ දෙන්නාගේ ආදරේ පිළිබඳව තේරුම් අරගෙන තිබීමයි.