පුබුදු මාෂි කියන්නේ අපේ රටේ රංගන ක්ෂේත්රයේ බොහොම ජනප්‍රිය යුවළක් ඒ වගේම ඔවුන් අතිදක්ෂ රංගන ශිල්පීන්. හිරිපොද වැස්ස චිත්‍රපටය හරහා ක්ෂේත්රයට අවතීර්ණ වූ ඔහු මංගල පමණක් නොව අධ්‍යක්ෂණය පිටපත් රචනය ආදී නොයෙක් හැකියාවන් ගේන් සපිරි තරුණයතරුනයෙක් මාශි තමන්ගේ සැමියා ගැන ජාතික පුවත්පතක් එක්ක කියලා තිබුණ සාකච්ඡාවක් අපි ඔයාලත් එක්ක මෙහෙම බෙදා ගන්නවා.
පුතුගේ බිරිඳ වෙන්ඩ ලැබිච්ච එක ගැන හා පුබුදු එයාගේ සැමියා ලෙස තෝරා ගත්තු එක ගැන ඇය කියා තිබුණේ මේ වගේ අදහසක්.. “ඇත්තටම කියනවා නම් මම පුබුදු කියන නළුවාට නෙමෙයි එයාගේ අපූරුම ගතිගුණවලටයි ආකර්ෂණය වුණේ. රංගන කාර්යයේදී ඔහු මොනතරම් චරිත රඟපෑවත් සැබෑ ජීවිතයේ දී ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. හරිම ආදරණීයයි. පවුලට හරිම ළෙන්ගතුයි. මට, එයාගේ පවුලේ අයට වාගේම අපේ පවුලේ අයටත් පුදුමාකාර විදිහට ආදරය කරනවා. මම හිතන්නෙ ඒක තමයි මම එයාට කැමැති වුණු අනෙක් ප්‍රධානම හේතුව.” ඒත් එක්කම කාර්යබහුල නිසා පුබුදු ගෙදර වැඩ වලට උදව් පදව් කරනවා ද කියලා ඇය එහි ද කියන්න අමතක කරලා තිබුණෙත් නැහැ.”ගෙදර වැඩවලදී නම් එයාගෙන් පුදුම සහයෝගයක් ලැබෙන්නෙ. අපි දෙන්නම එකතු වෙලා තමයි හැමදේම කරගන්නෙ. හදිස්සියේ හරි මම ගෙදර නැති වුණොත් එයා මාව පුදුම කරන්න එක එක විදිහට කෑම වර්ග හදනවා. ඒ විතරක් නෙවෙයි ඒවා හරිම ලස්සනට පිළිගන්වනවා.
ආදරෙන් හදන නිසා වෙන්න ඇති ඇත්තටම ඒ කෑම පුදුම රසක්.”පුබුදු එක්ක ගත ගත කරන ජීවිතය ගැන මාශි මාධ්‍යයට අනාවරණය ලැබුණේ මෙහෙම දෙයක් “පුබුදු එක්ක ගත කරන හැම තත්ත්පරයක්ම මට නම් මුළු ලෝකයක් වගේ. මගේ මුළු ජීවිතේම එයා. අපි විවාහ වෙලා අවුරුදු පහක් ගත වුණා කියලා දැනුනෙවත් නෑ. දවසින් දවස මේ ආදරය අලුත් වෙනවා. ඇත්තටම අපේ ආදරය දවසින් දවස අලුත් වෙන්න කියලයි මමත් හැමදාමත් ප්‍රාර්ථනා කරන්නෙ. මම පුබුදුගේ ගතිගුණ, හැසිරීම් මේ හැමදේටම ලකුණු දෙනවා නම් 10ට 15ක් වාගේ දෙන්න වෙනවා. ලකුණු අඩු කරන්න දෙයක් ඇත්තෙම නෑ වගේ. එයාගේ ඉවසීම උපරිමයි. පොඩි වැරැද්දකට වුණත් ඉක්මනින් සමාව ඉල්ලනවා. ඉතින් චූටිම කාලයක්වත් අපි දෙන්නට තරහ වෙලා ඉන්න බැහැ. මගේ ජීවිත අවබෝධයට වඩා එයාගේ ජීවිත අවබෝධය හරිම වැඩියි. ආදරය, රැකවරණය, ආරක්ෂාව මේ හැමදේම උපරිමයෙන් මට හිමි වෙනවා. ඉතින් මගේ හැමදේම එයා තමයි. මේ වාගේ හොඳ පුතෙක් හදලා දුන්නට මම හැමදාමත් එයාගේ මවුපියන්ට පින් දෙනවා.