උණුසුම් පුවත්
Search
thilini

”දුකෙන් ඉද්දි වුණත් අපි හිනාවෙනවා නම් සතුට අපිව හොයාගෙන එනවා” – කෝටිපතියන් අල්ලේ නැටවූයේ යැයි කියන තිළිණි ප්‍රියමාලි විවාහයෙන් පස්සේ කියන කතාව

6843

තිළිණි ප්‍රියමාලි කියන්නෙ කාලයක් තිස්සෙම ලංකාවේ බොහෝ පිරිසක් අතර කතාබහට ලක්වුණු, කවුරුත් දැන අඳුනන චරිතයක්. කෝටිපතියන්ගේ මූල්‍ය වංචා සිදු කළ කියන චෝදනාව මත ඇයට බන්ධනාගාර ගතවන්නත් සිදු වුණා. එසේම ඇගේ හඬපට ගණනාවක් සමාජ මාධ්‍ය උණුසුම් කරමින් හුවමාරු වන්නට ද පටන්ගෙන තිබුණා.

May be an image of 1 person and smiling

මෑත කාලයේ ඇය ගැන වැඩියෙන්ම කතා කලේ ඇය හදිසියේම විවාහ වුන බවට පැතිරුණු පුවත එක්ක. තිළිණි ඇගේ සමාජ මාධ්‍යවල විවාහය දා ගත් ඡායාරූප පළ කරමින් සටහනක් පළ කරලා තිබුනා.

තිළිණි මෑතකදී ඇගේ සමාජ මාධ්‍ය වල විවාහයෙන් පසුව සතුටින් ඉන්න විදිහ ගැන සටහනක් පළ කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ සටහන…

May be an image of 1 person and smiling

“කොයි තරම් ප්‍රශ්න තිබුනත් ජීවිතේ හිනාවෙලා ඉන්න….. ඒක මං ජීවත් වෙලාම ඉගෙන ගත්ත දෙයක්. ප්‍රශ්න ඉස්සරහ දුක් වෙන්න ගියොත් අපිට මුලු ජීවිතේම දුක් වෙන්න වෙයි.

May be an image of 1 person

මොකද ප්‍රශ්න ඉවරයක් නැති හින්ද. ඒත් හිනාවකට පුළුවන් සතුට ආකර්ශනය කරන්න. දුකෙන් ඉදිද්දි වුනත් අපි හිනා වෙනවා නම් සතුට අපිව හොයාගෙන එනවා. දුක හෙමින් දුරස් වෙලා යනවා.”

May be an image of 2 people and wedding