උණුසුම් පුවත්
Search
indunil andaramana

”උඹ කලහකාරයෙක් වුණාට, මම කලාකාරයෙක්” – ගලක් එවූ තරුණයාට ඉඳුනිල් අන්දරමාන කියූ සංවේදී කතාව

16630

කොට්ටාව නගරයේ පැවති සංගීත ප්‍රසංගයක ගීතයක් ගායනා කරමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන හට බීමත් ප්‍රේක්ෂකයෙකු එල්ල කළ ග ල් ප්‍ර හාරයකින් ඔහු තුවාල ලබා රෝහල් ගත කළ බව කොට්ටාව පොලිසිය පවසනවා.

නත්තල් උදාව සමරමින් ඉකුත් (24) වනදා රාත්‍රී කොට්ටාව නගර මධ්‍යයේදී සුප්‍රසිද්ධ වාද්‍ය වෘන්දයක සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි.

image 268

ඒ සදහා ආරාධනා ලැබ පැමිණ සිටි ජනප්‍රිය ගායන ශිල්පී ඉදුනිල් අන්ද්‍රමාන නිවේදකයාගේ ආරාධනයෙන් වේදිකාවට පැමිණ වචන කිහිපයක් කථා කොට ගීතයක් ගායනා කිරීමට සූදානම් වනවාත් සමඟම ප්‍රේක්ෂකයකුගේ ග ල පහ රක් මෙලෙස වේදිකාව දෙසට එල්ල කර ඇතැයි පැවසේ.

image 269

එම ගල් ප්‍ර හාරය වේදිකාව ඉදිරිපිට රැඳී සිටි ගායන ශිල්පි ඉඳුනිල් අන්ද්‍රමානගේ වම් ඇස අසල නළල ප්‍රදේශයේ වැදී තුවාල සිදුව තිබූ අතර පසුව ඔහු සංවිධායකයන්ගේ මැදිහත්වීමෙන් ඔහු පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී ඇති බව වාර්තා වේ.

image 270

කෙසේ නමුත් ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ ද මේ සම්බන්ධයෙන් සටහනක් එක්කර ඇති අතර, එහිදී ඔහු වරදකරුට නිදහස ලබාදෙන බව ද සඳහන් කර ඇත.

එම සංවේදී සටහන පහතින්….

image 265
image 266
image 267