උණුසුම් පුවත්
Search
dishni

”අපේ රටේ විවාහ වෙන්න වයසක් දාගෙන තිබුණට මට නම් හදිස්සියක් නෑ” – ඩිස්නි රාජපක්ෂ

718

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ලංවි නාට්‍යයේ ශයිනි සහ කී (KEY) නාට්‍යයේ නතාශාගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ඩිස්නි රාජපක්ෂ කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක් විදිහත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සකච්චාක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

May be an image of 1 person, sitting and indoor

ඒ වගේම ඇය රඟපාන එකට අමතරව ජිම් යනවා, ක්‍රීඩා කරනවා, ඉගෙන ගන්නවා සහ ඊට අමතරව නර්තනය ඇතුළු කලාවේ බොහෝ දේට සම්බන්ධ නිසා තරමක් කාර්යබහුලයි කියලයි ඇය කියන්නේ. හැබැයි ඇයට විවේක කාලයක් ගන්න හිතුනොත් ඒ සියලු දේ නවත්තලා දාලා ඇයගේ විවේකය ඇය ගන්නවා කියලත් ඩිස්නි කියනවා. කොහොම වුණත් ඇය නිතරම ඇක්ටිව් වෙලා ඉන්න කැමැතියිලු. ඒ වගේම ගෙවෙන සෑම තත්පරයකදීම ඒ කාලයට වටිනාකමක්, අරුතක් දෙන්න සහ ඒ වෙනුවෙන් ක්‍රියාශීලි වෙන්න කැමැතියි කියලයි ඇය කියන්නේ. ඉතින් බාස්කට් බෝල් කියන්නෙත් ඇය පාසල් කාලයේ සිටම කළ ක්‍රීඩාවක් කියලත් ඩිස්නි කියනවා.

May be a closeup of 1 person and indoor

ඒ වගේම ඇය හිතන්නේ ඇයට විවාහ වෙන්න තව කල් තියෙනවා කියලාලු. ඉතින් අපේ රටේ වයසක් දාගෙන තියෙනවනේ මේ මේ වයසෙදි මේ මේ විදියට කළ යුතුයි කියලා. කොහොම නමුත් එහෙම වයසත් කාලයත් රාමුවකට කොටු කළ යුතු නෑ කියලයි ඇය කියන්නේ. කොහොමටත් ඇයට තව වැඩ ටිකක් කරන්න තියෙන නිසා ඒවා කළාම, බොහොම සැනසිල්ලේ ඇයගේ විවාහය සිදුවේවි කියලයි ඩිස්නි නම් කියන්නේ.

May be an image of 1 person, sitting and outdoors

ඒ වගේම ‘කී’ නාට්‍යයේ නතාෂා කියන්නේ ටිකක් දඟකාර චර්තයක් කියලත් ඇය කියනවා. ඉතින් පිරිමියකුව තමා වෙත නතුකර ගැනීමේ කතා විලාසයක් තියෙන කෙනෙක් තමයි ඇය එහි රඟදක්වන්නේ. ඒ වගේම ගොඩක් සීරියස් වන අයට සමහර පිරිමි කැමැති නැහැ කියලයි ඇය කියන්නේ. ඒ නිසා නතාෂාගෙ චරිතය හරිම සැහැල්ලුවෙන් සතුටින්, ගෙවන චරිතයක් කියලත් ඇය කියනවා.

May be an image of 1 person, motorcycle and outdoors

ඒ වගේම ලංවි එකේ ශයිනි පාතාලා ලෝකයේ අපරාධකාරියක්. හැබැයි ආදරය ඉදිරියේ බොහොම සංවේදී ආදරය හොයන චරිතයක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ චරිතය කරද්දි ඇය ගොඩක් අවදානමක් ගත්තා කියලත් ඇය කියනවා. මොකද ට්‍රේලර් බයික් එකක් පවා පැද්ද නිසා. නමුත් හරිම ආසාවෙන් රඟපෑ චරිතයක් කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම මෙවර සුමති සම්මාන උළෙලේදි ඇය හොදම නැගී එන නිළියට නිර්දේශ වුණා. ඉතින් ඇය කිසිම දවසක සම්මාන බලාපොරොත්තු වෙච්ච කෙනෙක් නෙවෙයි කියලත් ඩිස්නි කියනවා. ඊට වඩා ප්‍රේක්ෂකයින්ගෙ ආදරය පුදුම විදියට වින්දනය කරන කෙනෙක් තමයි ඇය. ඉතින් ඒ ප්‍රේක්ෂක ආදරය තමයි ඇයගේ සැබෑ සම්මානය කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

May be an image of 1 person and standing