පසුගිය දින වල දැඩි ලෙස කතා බහට ලක්වුණු ක්ලබ් වසන්තගේ සිදුවීම නිසා කතා බහට ලක්වුණු තවත් පිරිසක් තමයි ගායන ශිල්පිනි කේ. සුජීවා සහ ඇගේ දරුවන්.
“හැමෝටම මේ කතාව දැන් අමතක වුණත්, අපි තවමත් ගත කරන්නේ ඉතා දුෂ්කර කාලයක්…” යනුවෙන් ඇය පවසා තිබුණා.
මේ වන විට කේ. සුජීවා රෝහලෙන් සුවය ලබා නිවසට ගොස් නමුත් ප්‍රතිකාර කරමින් සිටිනවා. එවැනි පසුබිමක මේ අය ගැන නිරන්තරයෙන් පැතිරුණු අසත්‍ය තොරතුරු ගැන නම් තමන් දැඩි පීඩාවට පත් වෙලා ඉන්නවා කියලා තමයි අන්ජලී නම් කියන්නේ….
කොහොම වුණත් ඒ සිදුවීමත් එක්ක ඔවුන්ගේ ශක්තිය ගැන නම් කතා කරල වැඩක් නෑ. ඉතින් ඒ සියලු දේ ඔවුන් දරාගෙන කාලය ගෙවන්නේ අම්මාව කොහොමහරි සුව කරගන්න ඕන කියන අරමුණත් එක්කයි…. ”අපි කිසිම වරදක් කරලා නැහැ. අපි බය නැහැ..” යනුවෙන් තමයි ඔවුන් සඳහන් කරන්නේ.
”අපි තවමත් පවුලක් ලෙස ශක්තිමත්. මිනිසුන්, ඔවුන්ගේ මානසිකත්වය, සමාජ මාධ්‍ය ක්‍රියා කරන ආකාරය, මිනිසුන් ඕනෑම දෙයක් පවසන ආකාරයත් එක්ක අපි හැම දෙයක්ම තේරුම් ගත්තා.. ඒ නිසා අපි ශක්තිමත්..” මේ ආකාරයෙන් තමයි මේ ගැන අංජලි ප්‍රතිචාර දක්වලා තියෙන්නේ.