උණුසුම් පුවත්
Search
saranga 1 1

”දාහක් කතා මැද වුණත් ඒ අල්ලගත්ත අත්දෙක තවත් ලස්සනට අල්ලන් ඉන්නවා” – සාරංග සහ දිනක්ෂිට ප්‍රේක්ෂකයෙක් කියපු කතාව

4494

සාරංග – දිනක්ෂි කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තරු යුවලක් මව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔවුන් දෙපල දැන් පුංචි දියණියකගෙ මවුපියන්. කාලෙන් කාලෙට සමාජ ජාලා වල මේ දෙපළ ගැන කතා කරනවා. ඒ අතර සමහරක් දරුණු ගනයේ විවේචන. නමුත් ජීවිතේ කොයිතරම් හැලහැප්පීම් තිබුනත් කොයිතරම් වෙනස් වුණත් මේ දෙපල ආදරෙන්, සතුටෙන් ජීවත් වෙනවා.

No photo description available.

පසුගිය දිනෙක ඔවුන් ගැන සමාජ ජාලාවල පල කරලා තිබුණු හරි අපූරු සටහනක් දිනක්ෂි ඇගේ සමාජ මාධ්‍යවල නැවතත් පළ කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ සටහනයි..

“ජීවිතෙ දිනපු ගැහැනු පිරිමි වෙනුවෙන් ඕන තරම් අවස්ථාවන් තියෙනව, ඕන තරම් අය බලන් ඉන්නව. ඒත් ජීවිතෙ එක පාරක් හරි පරාද උනු, වැරදුනු මිනිස්සු වෙනුවෙන් බලන් ඉන්න එක…. තව මනුස්සයෙක්ගෙ ජීවිතෙ හරිගස්සන එක…. ඒක ආදරේද මිත්‍රත්වයද අදාල නැහැ.

May be an image of 1 person and smiling

මොකද මාත් ඒ පන්තියෙම නිසා. අපිට පුළුවන් නම් මනුස්සයෙක් වෙනුවෙන් කියන්න “මන් ඔයා වෙනුවෙන් ඉන්නව, ඔයා මන් එක්ක නොහිටියත් මන් ඉන්නව” කියල…. ඒක තමා ලෝකෙ වටිනම දෙ. මනුස්ස ආත්මයක් ලබපු අපිට කරන්න පුළුවන් ලස්සනම දේ තව මනුස්සයෙක් නිර්මාණය කරන එක. ලෝකෙ කඩාවට්ටන්න, රවට්ටන්න, පරද්දන්න ඕන තරම් දේවල් තියෙනව. ඒත් මනුස්සයෙක් දිනවන්න පුළුවන් දෙවල් හරි හිගයි.

May be an image of 2 people, people standing and indoor

ඔයාගෙ වටිනාකම වැඩිම තැනට නෙවේ ඔයාගෙ උවමනාව වැඩිම තැනට යන්න. දේවල් බලාපොරොත්තු වෙන්න කලින් ආදරෙන් දේවල් දීල ඉන්න.. කව්රු මොන අර්ථකතන දුන්නත් මන් මෙ ගැලපීමට හරි කැමතියි. විශේශයෙන් මෙ photo එකට. බලන් හිටියොත් හැගීම් දහසක් දෙන්න පුළුවන් පිංතූරයක්. ඒ අල්ලගත්ත අත් දෙක දාහක් කතා මැද උනත් තවත් ලස්සනට අල්ලන් ඉන්නව දකිද්දි තවත් සතුටුයි.” කියලා තමයි මේ සටහනේ සඳහන් වෙන්නේ.

May be an image of 2 people and wedding