එළඹෙන සඳුදා (25) සිට නැවත දැනුම්දෙන තුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 03 පමණක් සාමාන්‍ය වේලාවන්හීදි පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එලෙස පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවල දී සිසු සිසුවියන්ට නිවසේ සිට ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙනු ලබනවා.
ඒ අනුව යළිත් පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමට උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් යොමුකර ඇති අතර ඊට අදාළ නිවේදනය පහතින්.
