සංගීත ක්ෂේත්රයට සම්බන්ධ කලා පවුලකින් කල එළි බැහැපු අපේ රටේ දක්ෂ ගායන ශිල්පිනියක් තමයි කවින්ද්‍යා අධිකාරි කියන්නේ. ඒ වගේම කවින්ද්‍යා නිවේදනයට වගේම රංගනයටත් ගොඩක් දක්ෂයි. ඇයගේ මව තමයි මුළු රටම හඳුනන ගායිකා සමිතා මුදුන්කොටුව. පියා තමයි රටම දන්නා අතුල අධිකාරි. මේ වෙනකොට අම්මා – තාත්තා වෙන්ව දිවිගෙවන කවින්ද්‍යා ජීවිතේ ගොඩක් දේවල් අත්විඳිමින් තමයි කාලය ගත කරන්නේ. ඉතින් ඇයට ඉන්න එකම සහෝදරයා ශාන් ගැනත් අමතක කර බෑ. පුංචි පවුල මේ විදියට දිවිගෙවන අතරේ කවින්ද්‍යා එක්ක කළ කතාබහක උපුටනයක් තමයි මේ.
ඉතින් කවින්ද්‍යා කොහොමද මොකද වෙන්නේ මේ දවස් වල ?
”මම නම් සුවෙන් ඉන්නවා. මේ දවස් වල විශේෂයෙන් කරන්න කියලා වැඩක් නෑ…. මොකද රටේ හැම තැනම ප්‍රශ්නනේ. විශේෂයෙන්ම තෙල් ප්‍රශ්නේ. ඒ දේවල් එක්ක හැම වැඩක්ම පස්සට ගිහින් තියෙන්නේ….. ඉතින් දැන් අම්මාගේ වැඩ වලට උදවු කරගෙන, පුළුවන් විදියට මේ දේවලුත් කරගෙන ඉන්නවා.”

කවීට තාමත් අම්මගේ ආදරේ අඩුවක් නැතුව ඉස්සර වගේම ලැබෙනවා ඇති නේද..?
”ඒක ඇත්ත… මොකද අම්මගේ ආදරේ නම් කවදාවත්ම අඩුවෙන්නේ නෑ. මගේ අම්මට මාව නැතුව විනාඩියක්වත් ඉන්න බෑ. මම විවාහ වුනත් අම්මට ඕන මාව ගෙදර තියාගන්න…. ”ඔයා නැතුව මම කොහොමද ඉන්නේ” කියලා අම්මා නිතරම අහනවා…. මගේ අම්මගේ ආදරේ දවසින් දවස වැඩි වෙනවා මිසක් කවදාවත් අඩුවෙන්නේ නෑ…”


දුවලා වැඩියෙන්ම ආදරේ තාත්තට කියනවා නේ, ඉතින් තාත්තා නැති අඩුව කාවින්ද්‍යාට දැනිලා නැද්ද?
”නැහැ මට ඒ අඩුව කවදාවත්ම දැනිලා නෑ. සාමාන්‍යයෙන් වෙන පවුල් වල අම්මලා තාත්තලා වෙන්වුනාම අම්මට හෝ තාත්තට වෛර කරන්න එකිනෙකා උගන්වනවා මම දැකලා තියෙනවා… මම දැන් ඉන්නේ මගේ අම්මා ළඟ, හැබැයි මට එයා කවදාවත් එකේම කරන්න උගන්වලා නෑ…. ඒ වගේම තමයි මට තාත්තා නෑ කියලා අම්මා කවදාවත් මට කිසිම අඩුවක් කලේ නෑ… මගේ අම්මා ගැන පොතක් තරමට දේවල් ලියන්න පුළුවන්. අම්මා තමයි මගේ ජීවිතයට ළඟම කෙනා… ඉතින් අම්මා තමයි තාත්තා ළඟ නැති අඩුවත් පුරවන්නේ” කියලා තමයි ඇය සඳහන් කරන්නේ.


කොහොම නමුත් පසුගිය කාලයේ කවින්ද්‍යාගේ මව සමිතා, ගැන බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා.
ඒ ඇය තරුණයෙක් සමඟ යළිත් විවාහ වී ඇති බව සඳහන් කරමින්. ඔහු නමින් චිරන්ත ගුණවර්ධන.
කොහොම නමුත් මේ වන විට මේ පවුලම සතුටින් සාමයෙන් කල් ගතකරන බවයි අපිට දැනගන්න ලැබුණේ.






Source – Online Newspaper
Photos – Kavindya Adhikari’s fb account
- ”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා
- සුරූපී පුෂ්පිකාගේ නුවරඑළි සංචාරය (ඡායාරූප සහිතයි)
- ”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී
- ”රට ගැන කළකිරිලා නෙවෙයි ප්‍රංශේ ගියේ” – දිල්කි උරේෂා
- ”විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා” – ගයාන් ගුණවර්ධන
- තරගයක් නැතිවම මෙවර ”මිසිස් ශ්‍රී ලංකා කිරුළ” ඌෂි පෙරේරාට (ඡායාරූප සහිතයි)
- ”විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑ, හැබැයි ඒක අපූරුයි” – අභිෂේකා විමලවීර
- රංගන ශිල්පිනි සඳනි පතිරණගේ යුග දිවියට (ඡායාරූප සහිතයි)