වොල්ගා කොහොමද මේ දවස් වල ජීවිතේ.? මේ දවස් වලනම් ගෙදර තමයි. කොරෝන ඇවිත් අපි හැමෝම එක තැනකට කොටු කරල තියෙන්නේ මේ වෙලාවේ. ගොඩක් වැඩ නැවතිලා තියෙන්නේ. ඉතින් ගෙදරට වෙලා හිනාවෙලා සතුටින් ජීවත් වෙනවා. ඔබ අළුත් විදියට ඉස්සරහට යන්න හදල ඇයි පරණ තැනම නතරවුනේ? ඒක ඇත්ත. මගේ ජීවිතේනම් ආයෙ වෙනස් වෙන එකක් නැහැ සෑහෙන කාලෙකට. ජීවිතේ කොළේකට සීමා වෙන්න හොද නැහැ.

ඒක අපි තේරුම් ගන්න ඕන. වංකකම බොරුව ඇතුළේ මම ඉන්න කැමති නැහැ. ඒ කතාවෙන්නම් තේරෙන්නේ වොල්ගා ආපුහු විවාහ වෙන්න අදහසක් නැද්ද? ඇත්තටම නැහැ. මම දික්කසාද වුන දවසෙම විවාහය ගැන තියෙන විශ්වාසය අත හැරියා. ඒය ගැන දැන් මගේ හිතේ කිසිම විශ්වාසයක් නැහැ. බිනෝජ් එක්ක තිබුණු ආදර කතාවට එක පාරටම මොකද වුනේ.

අපි දෙන්නා වෙන් වුනා තමයි. ඇත්තටම මේ ගොසිප් සයිට් කාරයන්ගේ වැඩ නිසා ගොඩක් අසත්‍ය පුචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන්න පටන් ගත්ත. ඒ කතාවල කිසිම සත්‍යතාවයක් නැහැ. මගේ නම තවත් නම් කිහිපයක් එක්කම ඇදුන. ඇත්තටම බිනෝජ් මගේ පොඩි කාලෙ ඉදන් යාළුවෙක්. ගොඩක් හොද අවංක මනුස්සයෙක්.

මම ඒක ඕන තැනක කියවා. ඔහුගේ අවලංගු කිසියක් කියන විඩියෝවට ඔහුගේ පෙම්වතිය විදියට මාව තෝර ගත්ත. ඒ වෙලාවෙ ගොඩක් දෙනා හිතුව අපි ඇත්තටම පෙම්වතුන් කියලා. වීඩියෝ එක හිට් වෙන්න ඕන නිසා අපිත් සද්ද නැතුව හිටිය. ඒ ඇරෙන්න වෙන සම්බන්ධකමක් අපි අතර නැහැ. කවදා හරි ඔහුව විවාහ කරගන්න කෙනා ගොඩක් වාසනාවන්තයි.

එහෙම පිනක් මට තිබිලා නැහැ කියලයි මම හිතන්නේ. මොකද ආපහු විවාහ වෙන්න අදහසක් මගේ හිතේ නැති නිසා. අම්මා කෙනෙක් වෙන හීනය නම් ඕනම ගැහැනියකට තියනවානේ. හැබැයි විවාහය කියන්නේ නිකම්ම නිකන් කොලයක අත්සනකට සිමා වෙච්ච දෙයක් නෙවෙයි. හැබැයි මම හරිම ආසයි අම්මා කෙනෙක් වෙන්න. ඒ දෙය ගැන හිතන්නේ නැතුව ඉන්න බැහැ.
