එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී එක් පිලක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.
නෙදර්ලන්තයට එරෙහිව ඊයේ (17) පැවැති තරගයේදී සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 498ක් ලබා ගනිමින් එංගලන්ත පිල මෙම වාර්තාව තැබීය.
මෙහි මීට පෙර වාර්තාව ද සතු වූයේ එංගලන්ත කණ්ඩායමටය.
එය ලකුණු 481කි.