උණුසුම් පුවත්
Search
australia

ඕස්ට්‍රේලියාවෙන් හදිසි මූල්‍යාධාරයක්

50

මෙරට ජනතාවට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා හදිසි මූල්‍ය ආධාරයක් ලෙස ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 25ක් ලබාදීමට එරට රජය තීරණය කර ඇත.

මෙය එරට රජය විසින් ලබා දෙන ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ට අමතරව ලබා දෙන ආධාරයකි.

එමෙන්ම ශ්‍රි ජයවර්ධනපුර රජයේ රෝහලේ බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීම සඳහා ජපන් ව්‍යාපෘති නොවන ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක් ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් සහතික කිරීම සහ සෑම වයස් කාණ්ඩයකටම සැමට යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම මෙහි අභිමතාර්ථයක් වනවා.

ඒ යටතේ 2030 වන විට බෝ නොවන රෝග වලින් සිදුවන අකල් මරණ තුනෙන් එකකින් අඩු කරගැනීම ද ඉලක්කයක් වේ.

image 431



Leave a Reply

Your email address will not be published.