දැනට ක්‍රියාත්මක වන හදිසි නීතිය මේ සතිය අවසන් වන විට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
මේ වන විට රට ස්ථාවර මට්ටමක පවතින බැවින් හදිසි නීතිය තව දුරටත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැතැයි ද ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
පසුගිය කාලයේ රටේ ඇති වූ තත්ත්වය හමුවේ හදිසි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ලැබූ නමුත් දේශපාලඥයින් ඇතුළු බොහෝ දෙනා එයට විරුද්ධව අදහස් දක්වනු ලැබිණි.
කෙසේ නමුත් විපක්ෂය ද දැඩි ලෙස එය විවේචනය කළේය.
“අපි ගත කරන්නේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කැප කළ කාලයක්. දරුණු ආර්ථික අර්බුදය සහ දරුණු දේශපාලන අස්ථාවරභාවය නිසා ශ්‍රී ලංකාවට අහිමි වුණු දේ ගණනය කළ නොහැකි තරම්. නමුත් දැන් අපි යථා තත්වයට පත් වී සිටින්නේ. අපට ඇති අභියෝගය අනාගතයට මුහුණ දෙන්නේ කොහොමද කියන එකයි. රටේ තත්වය සාමාන්‍ය අතට පත්වී තිබෙන නිසා මම හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ නැහැ. එය මේ සතිය අවසානයේදී අවසන් වෙයි. නමුත් එය පමණක් ප්‍රමාණවත් නැහැ. අපි කොහොමද ඉදිරියට යන්නේ කියන එක සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක් අපට අවශ්‍යයයි. අපි ඒ වෙනස ඇති කළොත් මේ රටට අනාගතයක් තියෙයි, එහෙම නොවුණත් මේ රට තවත් ලෙබනනයක් බවට පත්වෙයි”
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සම්මේලනයේ 2022 සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.