පළාත් පාලන ආයතන මැතිවරණය ලබන වසරේ මාර්තු 2 0වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කළ යුතු බවත්, ඒ සම්බන්දයෙන් මේ මස 20වැනිදායින් පසු ක්‍රියා කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිම්වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කළේය.
පළාත් සභා හා පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා විසින් මෙම ආයතන වල නිල කාලය ලබන වසරේ මාර්තු 20වැනිදා දක්වා කල් දැමූ බවත්, කොතරම් හොඳ කාරණයකට මැතිවරණය කල් දැමීමට කටයුතු කලත් මිනිස්සු එය දේශපාලන හේතුවක් කියා සිතා සිටින බවත් හෙතෙම පවසා සිටියේය.
අන්තර්ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමීව පෙරේදා (15) මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ අභියෝග වෙනස් වන ලෝකයකට විසඳුම් යන තේමාව යටතේ පැවති වැඩමුළුවට සභාභාගිවෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
හේතුන් කිහිපයක් නිසා මැතිවරණ ක්‍රියාවලිය ඉතාම දුර්වල හා දූෂිත එකක් ලෙස මැතිවරණ කොමිසමට හැදින්විය හැකි බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා මැතිවරණ ප්‍රචාරක වියදම් පාලනයට හා තරුණ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම, මැතිවරණ දිනයේදී අත්‍යවශ්‍ය සේවා වල නිරත වන පිරිස් සඳහා මැතිවරණ දිනට පෙර දින කිහිපයකට පෙර විශේෂිත ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වීමට හා ආචාර ධර්ම හා මැතිවරණ උපමාණ නීතිගත කිරීම, විදේශගත පිරීස් සඳහා ද භාවිත කිරීමට අවස්ථාව ලබාදීමට අදාළ කටයුතු සිදුකළ යුතු බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.