උණුසුම් පුවත්
Search
morocco

භූමිකම්පාවෙන් මොරොක්කෝව හාන්සියි

214

සිකුරාදා රාත්‍රියේ මොරොක්කෝවේ සිදු වූ දරුණු භූමිකම්පාවෙන් මිය ගිය පිරිස මේ වන විට 2000 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ තවත් පුදුගලයන් 1400ක් පමණ තුවාල ලබා ඇති බවට වාර්තා වී ඇති බවයි.

මොරොක්කෝරව් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වූ Marrakesh නගරයට නිරිත දෙසින් පිහිටි ඈත කඳුකර ගම්මානයක සිදු වූ රික්ටර් මාපකාංක 6.8 කින් යුතු භූමිකාව හේතුවෙන් එම ගම්මාන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මෙම සිදුවීම හේතුවෙන් මොරොක්කෝවේ 06 වන මොහොමඩ් රජු විසින් එරට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කර ඇත.

භූමිකම්පාව හේතුවෙන් මාර්ග රැසක් විනාශ වී ඇති නිසා සහන සේවකයන් හා ගලවා ගැනීමේ කණ්ඩායම් වලට විනාශ වූ ප්‍රදේශ වෙත ලඟාවීම දුෂ්කර වී තිබේ. ප්‍රධාන භූමිකම්පාවෙන් පසු තවත් පසු කමුපන සිදුවේයැයි බලාපොරොත්තුවෙන් මොරොක්කෝ වැසියන් දෙවන දිනය සඳහාද එලිමහනේ ගත කරමින් මාර්ග වල නිදා ගැනීමට තීරණය කර තිබේ.

භූමිකම්පාවෙන් සංචාරක ගමනාන්තයක් මෙන්ම යුනිස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස නම්කර ඇති Marrakesh නගරයට ද සැලකිය යුතු හානී සිදුවී ඇති අතර එරට අගනගරය වූ Rabat නගරයට සහ Casablanca නගරයටද කම්පනයන් දැනී ඇත.

කඳුකර ගම්මාන වල සරළව මැටි සහ ගඩොල් මෙන්ම දැව වලින් නිර්මාණය කර තිබූ නිවාස සියල්ලක්ම පාහේ කඩා වැටී ඇති අතර එම නිවාස වල ජීවත් වූ සියළුම දෙනා මිය යන්නට ඇතැයි සැකකෙරේ.