උණුසුම් පුවත්
Search
dilhani

”ඉස්සර චිත්‍රපටි ගැන කතා කළාට දැන් හැමෝටම තියෙන්නේ තෙල්, ගෑස්, පිටි ප්‍රශ්න” – දිල්හානි ඒකනායක

211

මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ බිහිවු විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය හිමිකර ගත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි දිල්හනි ඒකනායක කියන්නේ. ඇත්තෙන්ම ඇයව අපට චිත්‍රපට ක්ෂේත්‍රයෙන් නම ගිය කලාකාරිනියක් ලෙස හදුන්වන්න පුළුවන්. කොහොම වෙතත් 80 දශකයේ අග භාගය වෙද්දි රිදී තිරයට පිවිසෙන ඇය පළමු රංගනයෙන්ම සරසවි සිනමා උළලේදී හොඳම නැගී එන නිළිය ලෙස වගේම ජනප්‍රියම නිළිය ලෙස සම්මාන හිමිකර ගැනීමට වාසනාවන්ත වෙනවා.

කෙසේ නමුත් සිනමා නිර්මාණ ඔස්සේ නිරන්තරයෙන් දැකගන්නට ලැබුණු ඇය ජංගි හොරා චිත්‍රපටය, ධර්ම යුද්ධය, නිලම්බරේ වැනි නිර්මාණ ඔස්සේ මෑතක දී ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගැනීමට සමත්වෙනවා. ඒ කොහොම වෙතත් මේ ජනප්‍රිය කලාකාරිනිය පසුගිය කාලයේ වැඩිපුරම කාලය ගත කළේ සිය ලේලීය සමගින් අරගල භූමියේ කියන්න මෙරට බොහෝ දෙනෙකු දන්නවා.

90

මේ දිනවල කලා කටයුතු මොකුත්ම නැහැ කියන ඇය කියන්නේ නැවත වැඩ කරන්න තිබෙන්නේ අගෝස්තු මැද හරියේ කියලයි. ඇත්තෙන්ම ඒ නිසාවෙන් ඇයට නිදහසේ කාලේ ටිකක් ගත කරන්නත් අවස්ථාව ලැබිල තිබෙනවා. කොහොම නමුත් ඉස්සර කවුරු හරි හම්බ වුණාම චිත්‍රපටි ගැන කතා කරාට දැන් හම්බෙන හැමෝම තෙල් ප්‍රශ්න, gas ප්‍රශ්න, පිටි ප්‍රශ්න ආදි දේවල් පිළිබඳව විතරමයි කතා කරන්නේ කියලයි ඇය කියන්නේ.

image 458

ඇත්තටම මේ නිසා කලාව කියන දේ යන්නෙත් වලපල්ලට කියන මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියන්නේ මෙන්න මේ විදිහේ කතාවකුයි…..

“කලාව විතරක් නෙවෙයි මුළු රටක්ම කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නෙක අපි ඉන්නේ. කලාව කියන්නේ ඒක එක කොටසක් විතරයි…. වෙන රටවල සිනමා කර්මාන්තයට විශාල තැනක් තියෙනවා… කලාකරුවන් ඒක රකිනවා. ඒත් අපේ අතපසු වන කොටස තමයි කලාව කියන්නේ…..

image 448

බලන්න සරසවි සම්මාන උළෙල පවා වසර කී වසරකින් තිබ්බෙ නැද්ද? එතකොට ජනාධිපති සම්මාන උළෙල, අනෙක් උළෙලවල් කලාව එච්චර ලොකු දෙයක් නොවෙන තැනට වැටිලා….. ඔහේ පණ ඇද ඇද තියනවා…. ඔය ටෙලිවිෂන් නාලිකා ටික ඔස්සේ තමයි කලාව ඇදගෙන යන්නේ”

image 449

එලෙස අදහස් දක්වන දිල්හානි කියන්නේ ඉස්සර තිබ්බ සිනමාවට වඩා අද තියෙන සිනමාව උඩු යටිකුරු වෙලා තිබෙනවා කියන කතාවයි. ඉතින් ඒ නිසාවෙන්ම ක්ෂේත්‍රයට එන නවක කලාකරුවන් ක්ෂේත්‍රය තුළ හැසිරෙන්නේ ඉස්සර කාලෙත් කලාවට ආදරය කරපු පුද්ගලයන් හා සමානව නෙවෙයි කියලයි ඇය කියන්නේ.

image 445

“අලුතින් එම ජනප්‍රිය වෙන්න දඟලන celebrities ලා හැටියට නම ගිය හොඳ රංගන දායකත්වයක් ක්ෂේත්‍රයට සැපයූ අය මේ දේවල් කරන්නේ නැහැ… මාලනි ෆොන්සේකා, සබීතා පෙරේරා මේ දේවල් කරාද? ඔවුන්ට තමන්ගේ රංගන වෘත්තීන් හැදුනු නමක් ජනප්‍රියත්වයක් තියෙනවා හොඳට බලන්න මොකුත්ම වැඩක් හරියට කරල නැති නළු නිළියෝ තමයි මේවා කරන්නේ…..

image 446

ඔවුන් රංගන ශිල්පීන් නෙවෙයි…. හැබැයි ලස්සනයි, සුදුයි, කාර් බාර් වල යන්නේ…. හොඳම ඇඳුම් අඳින්නේ… හෝටල් වල නිතර ඉන්නෙ…… හැබැයි රංගන දායකත්වය? ස්වර්ණා මල්ලවාරච්චි වගේ අයට එහෙම වැඩිය දඟලන්න ඕනේ ද… පිරුණු කලේ දිය නොසැලේ කියන්නෙ ඒකට තමයි”

image 447

ඒ විදිහට තමයි ඇය වර්තමානයේ පවතින කලාව ගැන වගේම ඉස්සර පැවති කලාව ගැන අදහස් දක්වලා තිබුණේ. කොහොම වෙතත් මේ වෙද්දි කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇයට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

image 453
image 459
image 460
image 455
image 456
image 457
image 438
image 441
image 442

Source – Online news

Photos – facebook




Leave a Reply

Your email address will not be published.