උණුසුම් පුවත්
Search
dinakshie 1 1

”ඉස්සර එයා නිදාගෙන නැගිට්ටම ඇද හදන්නෙ නෑ, දැන් මම පුරුදු කරලා තියෙන්නේ” – දිනක්ෂි ප්‍රියසාද්

77

ප්‍රියසාද් පවුල කිව්වම අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්. කලාව නිසාම මේ පවුලේ හැමදෙනාම රටම දන්නවා. දිනක්ෂි ප්‍රියසාද්, ශේෂාද්‍රි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ මේ වන විට අපේ කලා ලෝකය තුළ ඉතාම ජනප්‍රිය තාරකාවියන් තුන්දෙනෙක්.

නර්තනයට, ගායනයට සහ නිවේදනයට වගේම රංගනයට වගේම බොහෝ කලා හැකියාවන් උපතින්ම උරුමකරගෙන ආපු මොවුන් ඒවාට එක ලෙස දක්ෂතා දක්වනවා කිව්වොත් වරදක් නෑ. මේ පවුලේ වැඩිමහල් දියණිය, දිනක්ෂි කිව්වම පුංචි තිරය තුළ විවිධ චරිත මවා පාන ඇය දක්ෂ රංගන ශිල්පිනියක්.

image 98

මේ වන විට කලාකරුවකු වන සාරංග දිසාසේකර සමගින් විවාහ වෙලා ඉන්න ඇය ආදරණීය මවක් ද වෙනවා. ඒ පුංචි සාරන්‍යා නිසා. සාරන්‍යාගේ මූණ ඔවුන් ප්‍රෙක්ෂකයින්ට පෙන්වුයේ සිඟිති දියණියගේ අවුරුද්දේ උපන් දිනය දවසේ. මේ විදියට පෞද්ගලික ජීවිතය තුළ ඉතා සුන්දරව ගත කරන සාරංග සහ දිනක්ෂි ඉතින් ඔවුන්ගේ ආදරණීය කැදැල්ලේ සුන්දරත්වය ගැන එක්තරා රූපවාහිනී වැඩසටහනක දී කියලා තිබුණේ මේ විදියටයි….

image 100

”සාරංගගේ වරදක් කියන්න අඩුපාඩුවක් නෑ. ඉස්සර එයා නිදාගෙන නැගිට්ටම ඇද හදන්නෙ නෑ. දැන් නම් මම පුරුදු කරලා තියෙන්නේ එයාට. දැන් හැමදේම කරනවා….. දැන් හැදිලා ඉන්නේ.”

image 97

මේ විදියටයි දිනක්ෂි මේ වැඩ සටහන තුළදී අදහස් දක්වලා තිබුණේ.

image 101