උණුසුම් පුවත්
Search
327110294 727865495664937 2586741630254889460 n

”විවාහය ගැන හිතන්නවත් මට වෙලාවක් නැහැ” – ජනප්‍රියම සම්මානය ලැබූ දුෂේනි මියුරංගි

785

එකිනෙකට වෙනස් චරිත 02ක් එකම ටෙලිනාට්‍යයක නිරූපණය කිරීම මගින් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගත්තු ඇය පාර දිගේ ටෙලිනාට්‍යයේ සරනි සහ බන්ටි කියන චරිත දෙක අපුරුවට රඟ දක්වන රංගන ශිල්පිනි දුෂේනි මියුරංගි. පසුගිය දවසක මේ සුන්දර කලාකාරිනිය සුමති සම්මාන රාත්‍රියේ ජනප්‍රියම නිළිය සම්මානයෙන් පිදුම් ලබන්නත් වාසනාවන්ත වුණා. ඇය ජනතාවගේ හදවතේ මේ ඉන්න නිළියක් බවට ඉතින් තවත් මොකටද උදාහරණ. මේ සුන්දර ජයග්‍රහණය සම්බන්ධයෙන් දුෂේනි තමන්ගෙ සතුට වචන බවට පෙරළුවේ මේ විදිහටයි.

May be an image of 1 person, standing and indoor

“ජනප්‍රියම සම්මානය ලැබීම තුළ ප්‍රේක්ෂකයන් මාව වැළඳගත්තා කියන්න සාක්ෂි ලැබුණු හා සමානයි. ඒ ගැන මට ගොඩක් සතුටුයි. ක්ෂේත්‍රයට මම් අලුත් නිසා එවැනි සම්මානයක් ලැබීම ගැන මටම පුදුමයි. සුමති සම්මාන උලෙලට ඒ සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා.පාරදිගේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වී දැනට අවුරුදු 02ක් එදා ඉඳලා හැමදේම හොඳ විදියට සිද්ධ වුණා”

May be an image of 2 people, beard and people standing

මේකෙ නිර්මාණය තමයි ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වෙලා තියෙන්නෙ ශිවගුරුනාදන් කෙනා දක්ෂ වරයා යටතේ කටයුතු කරන ඇය සඳහන් කරන්නේ පාර දිගේ ටෙලි නාට්‍ය නිසා මේ වෙද්දි නොයෙකුත් ආකාරයේ චරිතයක් නිරූපණය කිරීමට ඇයට ආරාධනා ලැබිලා තියෙනවා කියලා.

නමුත් එකම ආකාරයේ චරිත නිරූපණය කරන්න ඇය සූදානම් නැහැ.ඒ නිසා ලැබුණු ආරාධනා ගොඩක් ඈ ප්‍රතික්ෂේප කරලා තියෙනවා.ඒ වගේම වෙනස් වෙනස්ම ආකාරයේ නිර්මාණයක් හම්බ වුනොත් අනිවාර්යයෙන්ම රංගනයෙන් දායකත්වය දක්වනවා කියලත් දුෂේනි සඳහන් කළා.

May be an image of 1 person, standing and indoor

ඇය කාලයක් ඉන්දියාවේ මුම්බායි වල තමයි හිටියෙ. දුෂේනි කියන විදිහට ශ්‍රී ලංකාවේ කලාව හොඳ වුණත් අපිට හොඳ නිර්මාණ වල හොඳ පිටපත් වල අඩුවක් තියෙනවා කියලයි ඇය කියන්නේ. නිර්මාණය හොඳයි නම් අඩු වියදමකින් වුණත් එය නිර්මාණය ගුණාත්මක නිර්මාණයක් බවට පත් කරන්නත් පුළුවන් කියලා ඇය අවසානයේ සඳහන් කළා.

ඒ වගේම තමයි මේ සුන්දර රංගන ශිල්පිනියගේ අත ගන්නා ආදරණීය පෙම්වතෙක් ඉන්නවද නැද්ද කියන එක තමයි මේ දවස් වල ගොඩක් දෙනෙක් ප්‍රශ්නේ. දැන්ම විවාහ වෙන්නෙ නැද්ද පෙම්වතෙක් ඉන්නවද කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ කතාවක්.

May be an image of 1 person, standing and indoor

“ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක් එවගේම ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් ළඟදි විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැහැ. මම මේ වෙලාවේ පළමු තැන ලබා දෙන රංගන ජීවිතයට විවාහය ගැන හිතන්නවත් මට වෙලාවක් නැහැ. රංගන ජීවිතය තමයි මම මේ වෙලාවේ විවාහ කරගෙන ඉන්නෙ. ගොඩක් විවාහ යෝජනා ලැබෙනවා…. නමුත් කෙනෙක්ට මගේ හිත ඇදිලා යන්න ඕනේ. හිත ගියතැන මාලිගාව කියනවානේ, එහෙම හිත ගිය ගිය තැනක මාලිගාවක් හදා ගත්තොත් ඒක මං ලංකාවටම කියනවා.”

May be an image of 1 person, standing and outdoors