උණුසුම් පුවත්
Search
duminda silva

දුමින්ද සිල්වා අත්අඩංගුවට

501

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ මරණ දඬුවම නියම වී සිටිය දී ජනාධිපති සමාව හිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් අද (01) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවා ඔහුව අත්අඩංගුවට ගන්න ලෙස නියෝග කිරීමත් සමගයි.




Leave a Reply

Your email address will not be published.