උණුසුම් පුවත්
Search

කෑම අර්බුධය නිසා දෙහිවලින් සතුන් පින්නවලට මාරු කරයි

37

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ගහණය ඉහළ ගොස් සිටින විදේශීය සතුන් පින්නවල නව සත්වෝද්‍යානයට යොමු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම පවතින අර්බුදය හමුවේ සතුන්ට කෑම ලබාදීමට ප්‍රතිපාදන අවමවීම හා පවතින දුෂ්කරතා රැසක් මීට හේතු වී ඇතැයි දැනගන්නට ලැබේ.

මේ අතර සත්වෝද්‍යාන වල සතුන්ට ආහාර සැපයීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හිඟය නිසා සතුන් රැකබලාගැනීම සඳහා ආරම්භ කළ දායකත්ව කැපකරු වැඩපිළිවෙළට විශාල පිරිසක් මේ වනවිට දායකත්වය සපයා ඇති බවද හෙළිවිය.

වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරින් සමග කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර කරන ලද සාකච්ඡාවකින් පසු දෙහිවල සතුන් පින්නවලට මාරු කිරීමේ මෙම තීරණය ගෙන තිබේ.

මෙයට අමතරව ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුව විසින් රිදියගම අක්කර 20ක සතුන් සඳහා අවශ්‍ය ආහාර වගා කිරීමේ ගොවිපොළක් ද අලුතින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published.