උණුසුම් පුවත්
Search
bus

ඩීසල් නොලැබීමෙන් පෞද්ගලික බස් ධාවනය යළිත් අඩාලයි

136

ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම හේතුවෙන් බස් ධාවනය ඊයේ (26) සියයට 50 කින් අඩු වී තිබූ බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටිනවා.

මෙම තත්ත්වය තුළ ඊයේ දිනයේ දිවයිනෙන්ම ධාවනය වූයේ බස් රථ 6000කටත් අඩු සංඛ්‍යාවක් බව ද හෙතෙම පවසනවා.

ලංගම ඩිපෝවලින් පවා ඉන්ධන මේ වන විට නොලැබෙන බව ද ඔහු සඳහන් කර සිටියා.

ඉන්ධන හිඟය හමුවේ අද දින (27) පෞද්ගලික බස් 25%ක්වත් ධාවනය කරයිද යන්න සැක සහිත යැයි ද ඔහු පවසනවා.

අද දිනයේ සිටවත් නිසි අන්දමින් ඉන්ධන නොලැබුණොත් ලබන සඳුදා සිට පෞද්ගලික බස් රථ ධාවනය තවදුරටත් ඇනහිටිනු ඇතැයි ඔහු අනතුරු අඟවනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Source – Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *