අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අදහස් පළ කර තිබෙනවා.
“මේකට ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. ඩොලර් මිල තීරණය වෙන්නේ ඉල්ලුමත් සැපයුමත් අතර. දැනට මහ බැංකුව ඩොලර් බිලියන 03ක ප්‍රමාණයක් මිලදී ගත්තා….. ඒ නිසා තමයි ඩොලර් එක ඔය තැනවත් තිබෙන්නේ. නැතිනම් තවත් යනවා….”
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙය පසුගිය දා භාණ්ඩ 286ක ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ඇතිවූ තත්ත්වයක් වන බවය.
එය කළමනාකරණය කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියා.